(රංජන් කස්තුරි)
යහපාලන ආණ්ඩුවෙන් රාජ්‍ය නිලධාරීන්ට වූ පළිගැනීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී මේ බව පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ජගත් බාලපටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම කමිටුව පත්කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
ඉකුත් ආණ්ඩු සමයේදී දේශපාලන පළිගැනීම් බහුලව වූ බවද රජයේ නිලධාරීන්ට සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධාරීන්ට නොයෙකුත් හිරිහැර සහ අකටයුතුකම් වූ බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතෙන් පළිගැනිම් කරන්න ඉන්න අය ගැනත් හොයනවා ඇති...
යහපාලනේට කලින් මොනතරම් බරපතළ විදියට පලිගැනීම් තිබුණද? කොමිටි පත් කරකර ඉන්නවා හැරෙන්න වෙන කරන්න දේවල් නැතුව ඇති..
මේ ආණ්ඩුව පත් වුණත් පරණ නිලධාරීන් අලුතින් පත් වූ ආයතන ප්‍රධානීන් නොමග යවමින් එම පළිගැනීම්ම දිගින් දිගටම සිදුකරන බව දැනගැනීමට ඇත. ඒ නිසා ආයතන ප්‍රධානීන්ට ඒ පිළිබඳ අවබෝධයෙන්, විමසිල්ලෙන් සිටීමට උපදෙසක් ලබාදෙන්න.
මොන කොමිටිද? කාවත් පත්කරා නම් අවශ්‍ය නැහැ ප්‍රවෘත්තිවලට කිව්වා නම් කාලෙයි, මුදලුයි දෙකම ඉතුරුයි පළිගත්තු කට්ටිය හොයන්න ගියොත් අවුරුදු 30, 40 පරණ කට්ටියත් එළියට එයි.. තියෙන ප්‍රශ්න මදිවාටද ගිය හකුරට නාඩන්නේ.. තියෙන හකුර රැකගන්නේ. වැඩි හොඳට යන්න එපා ලංකාවේ මිනිසුන්ට හොඳින් කියන්න ගියොත්, අමාරුවේ... වැටෙනවා. රටේ මුදල් දේපල අවභාවිතය නතර කරලා... නීතිය රජ කරගන්න ජනාධිපති වුණත් එකයි, කියන එක හදා ගත්තොත් අපේ රට දියුණුයි... නැතිනම් ලොකුම හොරාට බෙහෙත් නොදී පොඩි අයගේ ලෙඩට බෙහෙත් දෙන්න බැහැ...
පසුගිය රජය කාලයේ පළිගැනීම් සිදුවුනේ නැහැ. ප්‍රධාන පක්ෂ දෙකම එකතු වී ආණ්ඩුව කරගෙන ගිය නිසා... පළිගැනීම් වැඩිපුරම සිදුවුනේ 2005 වසරට පෙරයි. එ් නිසා පක්ෂ භේදයකින් තොරව 1977සිට පළිගැනීමට ලක්ව මෙතෙක් සහන නොලැබූ සියලු දෙනාටම පක්ෂ භේදයකින් තොරව සහන ලබාදෙන්න. මේ සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්න.
දේශපාලන පළිගැනීම් කළ මේ ආණ්ඩුවට ඡන්දේ වත් නොදී ඊට විරුද්ධව වැඩකරපු කෙනෙකුටත් ඊයේ, පෙරේදා තනතුරක් දුන්නේ...
දේශපාලන පළිගැනීම් ගැන කියන්න වෙලා තියෙන්නෙත් පළිගැනීම් කරපු කට්ටියටම තමා.