IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පිළිකාවට ප්‍රතිකාර කඩිනම් කරන එන්නතක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ප්‍රථම වතාවට පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ගතවන කාලය සියයට 75 කින් අඩු කළ හැකි එන්නතක් එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවය හඳුන්වා දී තිබේ.

මෙම නව එන්නත මගින් ඇටැසොලිසුමැබ් ප්‍රතිශක්තීකරණ ඖෂධය සමට එන්නත් කිරීම සිදුවන බවත් මෙතෙක් සිදු වුයේ  ඇටැසොලිසුමැබ් ඖෂධය රෝහල් වලදී විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් මගින් රෝගීන්ගේ නහරට එන්නත් කිරීම බවත් එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත.න7ව එන්නත මගින් රෝගියාට ප්‍රතිකාර කිරීම සඳහා ගත වන්නේ විනාඩි 7 වැනි කෙටි කාලයක් බව එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.

රෝගියාගේ නහරට ඇටැසොලිසුමැබ් ඖෂධය ලබා දීම සඳහා විනාඩි 30 කට ආසන්න කාලයක් ගතවන බවත් ඇතැම් විශේෂිත රෝගීන්ට ඒ සඳහා පැයකට ආසන්න  කාලයක් ගතවන බවත් එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.එංගලන්තයේ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ඒජන්සිය එංගලන්තය තුළ මෙම එන්නත භාවිත කිරීම සඳහා අවසර ලබා දී ඇත.

 ප්‍රතිකාර කිරීම සඳහා ගතවන කාලය සියයට 75 කින් අඩුවීම පිළිකාව වැනි රෝගයකින් පීඩා විඳින රෝගීන්ට සතුටු දායක පුවතක් බවත් රෝගීන්ට පමණක් නොව එය වෛද්‍යවරුන්ටද සුබ ආරංචියක් බවත් එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.



අදහස් (2)

පිළිකාවට ප්‍රතිකාර කඩිනම් කරන එන්නතක්

Bamunuarachchi Saturday, 02 September 2023 09:20 AM

සුද්දා වැඩක් කළොත් අහන්න දෙයක් නැහැ. දැන් ජෙප්පෝ මොනවා කියයිද දන්නේ නැහැ...!

:       1       2

Bunny Preena Saturday, 02 September 2023 09:50 AM

අපේ රටෙත් මහාචාර්ය සමීර සමරකෝන් මහතා පිළිකා මර්ධනය කළ හැකි සාර්ථක ඖෂධයක් නිෂ්පාදනය කර වෙළඳපළට නිකුත් කළා කියලා පුවතක් පළවුණා. නමුත් බෙහෙතේ නම හෝ මිල පිළිබඳව කිසිම සඳහනක් කරලා තිබුණේ නැහැ. ලංකාවේ හැම වැඩක්ම සිදුවන්නේ විනිවිද භාවයකින් තොරවයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site