
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ මිලියන 4 ක පාසල් ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය පෙළ පොත් වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සඳහා ඉන්දියාව සහාය ලබා දුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ මාර්තු මස ආහාර, ඖෂධ, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ, කර්මාන්ත අමුද්‍රව්‍ය අනයනය කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ණය පහසුකමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 10 කට වැඩි ප්‍රමාණයක් භාවිත කරමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සහ පුද්ගලික ආනයනකරුවන් පෙළ පොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි, අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් ආනයනය කළ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේය.
එසේ ලබා ගත් අමුද්‍රව්‍ය සහ කඩදාසි ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය පෙළපොත් වලින් සියයට 45 ක් මුද්‍රණය කිරීම සඳහා යොදා ගත් බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත .
පසුගියද මුද්‍රණය කළ පෙළපොත් පාසල්වලට බෙදා දීම සඳහා පිටත් කර හැරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා පවසා ඇත්තේ පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා සහාය ලබා දීම ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් සිදු කළ ආයෝජනයක් බවත් සිසුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට මෙම ආයෝජනය උපකාරී වනු ඇති බවත්ය.එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට මේ වගේ හිඟාකන තත්වයට පත්කරපු කාටවත් හොඳක් සිදුවෙන්නේ නැහැ.
මේක විහිලුවක්.. ඉන්දියාව පාසල් පොත් නොමිලේ දෙන්නේ නෑ.අපිට නොමිලේ දෙන්න සල්ලි දෙනව. නිකම්ම දෙන දේ ඉතා මිල අධිකයි කියන පඬි වදනක් තියෙනව නොවේද? අපි මේ ණය මොන විදිහටද ගෙවන්නේ... රටේ කොටසක්, උතුරු මුහුදේ මාලු අස්වැන්න...... ලමයින්ට පාසල් පොත් දීම දෙමාපියන්ට අයිති දෙයක්. බෝ කිරීම විතරද දෙමාපියෝ කරන්නේ... ලමයි අහඹු ඵලයක් විතරද?