IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාළු නිවසක අයිස් ගැසූ කොස්තාපල් සහ 6ක් මාට්ටු

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොරෝච්චෝල ආලංකුඩාව ප්‍රදේශයෙ පාළු නිවසක පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටින බවට ලැබුන තොරතුරක් මත අදාල නිවස වටලා පරික්ෂා කිරීමේදි එහි රැදි සිටි තරුණ පොලිස් කොස්තාපල්වරයකු අද (23) අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි ගංජා ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 200ක් සොයා ගත් බව පොලිසිය පවසයි.

ආලංකුඩාව ප්‍රදේශයේ අතහැර දමා තිබු නිවසක තරුණයින් පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඇති බවට නොරෝච්චෝල පොලිසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් අදාල නිවස වටලා එහි සිටි තරුණයින් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හත් දෙනා අතරීන් හය දෙනෙකු ආලංකුඩාව හා නොරෝච්චෝල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මොවුන් ඒ වන විටත් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර සිට ඇති බව පරික්ෂණවලදි අනාවර්ණය වී තිබේ.

මෙම වැටලීමට නොරෝච්චෝල පොලිසියෙ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එල්.පුෂ්පනාදන් මහතා සමග උප පොලිස් පරික්ෂක අබේසිංහ හා පොලිස් සැරයන් 60956 බංඩාර, පොලිස් කොස්තාපල් 99765 අබේසිංහ 99747 කරුණාරත්න යන නිළධාරීන් වැටලිමට එක්වි තිබුනී.



අදහස් (1)

පාළු නිවසක අයිස් ගැසූ කොස්තාපල් සහ 6ක් මාට්ටු

නිහාල් Friday, 23 February 2024 07:26 PM

උපාය දූතයන් කියලා වැඩේ ෂේප් කරගන්න බැරි වෙයිද?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site