(චන්ද්‍රසිරි ගුණසේකර.)

පැහැරගෙන යමින් තිබූ වැගන් ආර් වර්ගයේ රියක්  ඇල්පිටිය ජම්බුගහහේන ප්‍රදේශයේ අතහැර දමා කොල්ලකරුවන් පලාගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

පෝද්දල පොලිස් වසමෙන් මෝටර් රථයක් පැහැරගෙන යන බවට ලද පොලිස් පණිවුඩයක් අනුව ඇල්පිටිය හා ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානවල පොලිස් කණ්ඩායම් දෙකක් අද (01) අලුයමසිට සෝදිසි රාජකාරීයේ යෙදමින් සිට ඇත.

මෝටර් රථය පැහැරගෙනයමින් සිටි පිරිස ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ ඌරගස්මංහන්දිය දෙසට ගොස් නවදගල ජම්බුගහහේන ප්‍රදේශයේ කන්දක වාහනය දමා පැනගොස් ඇති බව පොලිසිය කියයි. කොල්ලකරුවන් සොයා පරීක්නෂ අරඹා තිබේ.