( රොමේෂ් මධුෂංඛ)

යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේදී  කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් සිදුකල පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක්  මිය ගොස් ඇතැයි වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තවචෙල්ලවම් බවදරම් නැමති පුද්ගලයෙකි.

තරුණයා සිය බිරිඳ සමග වඩුක්කොඩ්ඩෙයි සිට කරෙයිනගර් දක්වා මෝටර් රථයකින් ගොස් නිවසට ආපසු එමින් සිටියදී කිසියම් පිරිසක් විසින් කාර් රථය නවතා බිරිදටද පහරදී තරුණයා පැහැගෙන ගොස් ඇත.

පසුව මේ පිළිබඳව බිරිඳ විසින් වඩුක්කොඩ්ඩෙයි පොලීසියටද දැනුම් දී ඇති අතර පොලසීය විසින් සිදුකල සෝදිසියකදී පැහැරගෙන ගිය තරුණයාට තියුණු ආයුධ වලින් පහරදී මාර්ගයේ දමා ගොස් තිබියදී සොයාගනු ලැබීය.