
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලයට සම්බන්ධකම් තිබෙන බව පවසමින් ඉරාන නාවික හමුදා විශේෂ කාර්ය බළකාය විසින් අත්පත් කර ගනු ලැබූ පෘතුගාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ එම්.එස්.සී ඒරිස් ඉරානය බලා යාත්‍රා කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම නෞකාවේ 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට ඇති බවත් ඉන් 17 දෙනෙකු ඉන්දියානුවන් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එම ඉන්දීය ජාතිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ඉන්දියාව මේ වන විටත් ඉරානය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භාණ්ඩ ප්‍රවාහන නෞකාව අත්පත් කරගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකාව ප්‍රකාශ කර සිටියේ ප්‍රකෝප ගැන්වීමකින් තොරව වෙනත් රටකට අයත් නෞකාවක් මෙලෙස අත්පත් කර ගැනීම මංකොල්ලකෑමක් බවත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත්ය
.එම නිසා ඉරානය වහාම නෞකාව නිදහස් කිරීමටත් එහි නාවිකයන් නිදහස් කිරීමටත් කටයුතු කළ යුතු බව ඇමරිකාව ප්‍රකාශ කළේය.
ඉරාන නාවික හමුදාවේ විශේෂ කාර්ය බළකාය ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් හොර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ ඒරිස් නෞකාව පසුගියදා අත්පත් කර ගත්තෙය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි
කාලකන්නි ඉරානය කෙරුවොත් ත්‍රස්ත ක්‍රියාවක්ම තමයි. ඉරාන ජාතිකයින් ගාව වැඩකරලා තියෙනවා නම් හොඳට දන්නවා. ජාතිය ඉරාන වුණාට පාස්පෝට් එක ප්‍රංශ හෝ යුරෝපියන් රටක්.
ඉරාණය මුව හමට තලනවා වගේ වැඩක්...