IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පැහැරගත් අනියම් පෙම්වතියට මෝටර් රථය තුළදී පිහි ප්‍රහාරයක්

 

(ඩී.ජී.සුගතපාල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දික්වැල්ලේ ඇඟළුම් කම්හලක තරුණ සේවිකාවක පැහැර ගත් ඇගේ අනියම් පෙම්වතා බව කියන තරුණයකු එම කාන්තාවගේ අතපය ගැටගසා මෝටර් රථයකින් අධිවේගයේ ඔස්සේ පැහැගෙන විත් බද්දේගම මහගොඩකන්ද ප්‍රදේශයේදී මාර්ගය අසල මෝටර් රථය නතර කර එම කාන්තාවට තියුණු ආයුදයකින් පහර දෙද්දී පොලිසිය අහසට වෙඩි තබා එම තරුණිය බේරාගත් බව පොලිසිය කියයි

දක්ෂිණ අධිවේගයෙන් ආ මෝටර් රථයක් තුළ කාන්තාවගේ කට ගැටගසා සිටින අයුරු දැක අධිවේගී මාර්ග පොලිසිය එම මෝටර් රථය නතර කිරීමට අණ කළත් නොනවත්වා එය ධාවනය කර ඇත.

ඒ බව අධිවේගී පොලිසිය බද්දේගම පොලිසිය දැනුම් දීමෙන් පසු බද්දේගම පොලිසිය එම මෝටර් රථය ලුහුබැද යද්දි බද්දේගම මහගොඩ කන්ද ප්‍රදේශයේ එම වාහන නතර කර තිබෙනු දැක මෝටර් රථයේ දොරවල් විවෘත කරන ලෙස පොලිසිය අණ කර ඇත. 

මෝටර් රථයේ දොරවල් විවෘත කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර  මෝටර් රථයේ පිටුපස සිටින කාන්තාවකට තියුණු ආයුදයකින් පහර දෙනු අයුරු නිරීක්ෂණය වූ පොලිසිය අහසට වෙඩි තබා මෝටර් රථයේ දොරවල් විවෘත කර තරුණිය බේරාගෙන ඇති අතර ඒ වන විට එම කාන්තාව දරුණු කැපුම් තුවාල සහිත සිටි බව පොලිසිය කියයි.

පිහිපහර දුන් බව කියන තරුණයාද සුළු කැම් තුවාල සහිතව සිටීම නිසා ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගත් බව පොලිසිය කියයි.

පිවිසුමෙන් පිටවෙද්දී ඒ බව පොලිසිය දැක ලුහුබැඳ යද්දී මෝටර් රථ තුළදී එම තරුණියට තියුණු ආයුදයකින් පහර දෙද්දී මහගොඩකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම කාන්තාව වලස්මුල්ල මොදරවානේ පදිංචි විවාහක කාන්තාවක් බව මූලික පරික්ෂණවලින් හෙළි වූ බවත් පැහැරගත් බව තරුණයා සමග පැවැති ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සැකකරුගේ යාළුවකුගේ මෝටර් රථයෙන් මෙම පැහැරගැනීම සිදු කර ඇති අතර මෝටර් රථය පැහැරගත් බව කියන තරුණයාද පොලිස් අත්අඩංගුවට පත් විය.

 

 



අදහස් (1)

පැහැරගත් අනියම් පෙම්වතියට මෝටර් රථය තුළදී පිහි ප්‍රහාරයක්

කිරිපුතා Wednesday, 14 September 2022 04:15 PM

කාමයෙන් උන්මාද වුණු තැන ජීවිතයම වරද්දා ගනී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site