IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොහොර හබේ දුරදිග ගිහින් කෘ.ප.නි.ස නිලධාරීනියන්ට පහර දීලා

(දයාරත්න ඇඹෝගම)

කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිණියන් දෙදෙනෙකුට පලුගස්වැව නගරයේදි අද (14) පහරදි තුවාල සිදුකළැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි හබරණ පොලීසිය කියයි.

පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (14)දින පැවති කෘෂිකර්ම කමිටු රැස්විමට සහභාගිවි ආපසු යතුරැ පැදියෙන් සිය නිවෙස්වලට යමින් සිටියදි පුද්ගලයෙකු විසින් මෙම නිලධාරිණියන් දෙදෙනාට පහරදි තිබුණි.

එම පහර කෑමෙන් තුවාල ලැබු ආසිරිගම,එප්පාවල යන ලිපිනයේ පදිංචි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිණිය ප්‍රතිකාර සදහා හබරණ රෝහලට ඇතුලත් කොට ඇති අතර හබරණ පාර,පලුගස්වැව යන ලිපිනයේ පදිංචි අනෙක් නිලධාරිණිය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන  ඇතැයි එම පැමිණිල්ලේ සඳහන්ය.

පොහොර සහනාධාරය සදහා ලැබිය යුතු මුදල් නොලැබිම සම්බන්ධයෙන් සිදුවු බහින් බස්විමක් මෙම පහරදිමට හේතුවි ඇතැයි පොලිසිය කියයි.

මෙම නිලධාරිණියන් දෙදෙනාට පහරදුන් පුද්ගලයා මේවන විට හදුනා ගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණයක් ආරම්භ කොට ඇති බවත් මේ පිළිබදව පරික්ෂණ පවත්වන හබරණ පොලිසිය පැවසිය.



අදහස් (0)

පොහොර හබේ දුරදිග ගිහින් කෘ.ප.නි.ස නිලධාරීනියන්ට පහර දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site