(අංජුල මහික වීරරත්න)

වී වගාව සඳහා සියයට 70 සහ සියයට 30 ප්‍රතිශතයට රසායනික පොහොර හා කාබනික පොහොර යෙදීමේ බතලගොඩ වී පර්යේෂණායතනය මගින් සිදු කළ පර්යේෂණ  සාර්ථක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසීය.

එළඹෙන මහ කන්නයේ දී  වී වගාවට සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික  පොහොර යෙදීම සම්බන්ධව බතලගොඩ වී පර්යේෂණායතනය මෙම පර්යේෂණ කළේය.

100% කාබනික පොහොර හා දියර පොහොර යොදාගනිමින් වගා කිරීමට යාම නිසා සමස්ත වගා ක්‍රියාවලිය කඩා වැටුණු බවත් එම වසරේ මහ කන්නයේ  වී අස්වැන්න සියයට 40කින් පහත වැටුණු බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.