
(ඩයනා උදයංගනී)
රටේ නිරෝධායන නීති අනුව ප්‍රතික්‍ෂේප වූ පොහොර තොගය බලහත්කාරයෙන් ලබාදීමට උත්සාහ කිරීමේ අයිතියක් චීන සමාගමට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එය මෙය ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හා ස්වෛරීභාවයට බරපතල ප්‍රශ්නයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පරීක්‍ෂණ ප්‍රතිඵල අනුව අපට භාරගත නොහැකි බව ඉතා පැහැදිලිව ඔප්පු කර තිබියදීත් එම පොහොර අඩංගු නෞකාව නැවත ලංකාවට පැමිණෙන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා එය ඉන්දියාව පරිප්පු දැම්මා වගේ වැඩක් යැයි ද කීවේය.
ණයවර ලිපි විවෘත කර මුදල් පැවීමට පෙර පොහොර සාම්පල් ගෙන්වා පරීක්‍ෂා කළ යුතුව තිබූ බව ද කී රාජ්‍ය අමාත්‍යවරයා දැන් අදාළ සමාගම කොහෙන් හෝ වාර්තා හදා පොහොර තොගය ලංකාව තුළ බෑමට උත්සාහ කළොත් විශාල අර්බුදයක් මතුවන බව ද පැවසීය.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක පුරප්පාඩු සඳහා නව සංවිධායකවරුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ කටයුතු සඳහා අද (27) උදෑසන එම පක්‍ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
නිරෝධායන නීති අනුව එම පොහොරවල අඩංගු දෑ පිළිබඳව විශාල විරෝධයක් තිබියදීත් බලහත්කාරයෙන් ලබාදීමට උත්සාහ කිරීම මෙන්ස පරීක්‍ෂණ සඳහා තුන්වන පාර්ශවයක් වෙත යාම සම්පූර්ණයෙන් වැරදි බව කී ජයසේකර මහතා චීනයේ කුණු කසල මෙරටට ගෙනත් දානවාට විරුද්ධ බවත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා ඡන්දයෙන් පත්වුණු කෙනෙක් විදිහට මෙහෙම නිවටකමක් ගාවගන්නේ නැතිව අටේ අභිමානය ගැන හිතලා කතාකරන එකත් අගේ කළ යුතුය.
චීනයෙන් ණය අරන් ඒ අයටම කියලා ව්‍යාපෘති කරලා ඒවායෙන් කොමිස් ගැහුවාට පස්සේ චීනෙ මොන කුණු ගොඩ බලෙන් දුන්නත් බාරගන්න වෙන තත්වයක් ඇතිවී තිබෙනවා කියලා ඕන කෙනෙකුට තේරෙනවා.
අපිට මේවා කියලා වැඩක් නෑ. ඕවා කියන්න මැදමුලනේ මහ අයට.. ඒ අය තමයි ගෙනාවේ... ගොවියෝ නෙවෙයි..
එතකොට ඔබතුමා ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙනවාද? නැහැනේ... එහෙනම් නිකන් කට වහගෙන ඉන්න.
මේ වෙලාවේ උඩින් පරිප්පුවත් දාන්න.., ඉන්දියාවට හිතුණොත් හොඳයි..
ඉන්දියාව පරිප්පු දැම්මේ බලහත්කාරයෙන්. කවුරුත් ඉල්ලුවෙ නෑ. මෙම තත්වය හාත්පසින් වෙනස්. අත යට ගනුදෙනුවලට ප්‍රසිද්ධ රටකට ඕඩර් දුන්න නිසා වෙනස් කල නොහැකියි. ඉන්දියාව සමග ගනුදෙනුව කොටි සංවිධානය විසින් ආරම්භ කරන ලද්දක්වීම හේතුවෙනුයි එකල ලංකා රජයට ඉනදියාවේ මැදිහත්වීම මිස වෙන විකල්ප මැදිහත්කරුවෙක් නැති වුනේ.
ඔබතුමාට කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න හැකි වීම ගැන අපි ඔබතුමාට ස්තුති වන්ත වෙනවා. ජොන්සන් වගේ විකාර දොඩවන්නේ නැතිව.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආපසු කවරදාවත් මේ රටේ බලයට එනව කියල හිතන්න පුලුවන් කමක් නැත. ජනප්‍රිය නායකයෙක් නොමැති වීම. දැන් ඒක කුඩා පක්ෂයක්. ඒක නැතිකලේ සිරා සහ සිරි. මොන පුරසාරම් කතා කලත් විපක්ෂ නායක කම වත් ලැබන්නෙ නැහ. සංග, වෙද , ගුරැ , කම්කරැ. මේ අය පාර්ලිමේන්තු ගියාට පස්සෙ තමා මේ රට සුරා කෑවෙි.. නැති වුන් කොහේ ගියත් සුරා කනවා.