IMG-LOGO

පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි

(අංජුල මහික වීරරත්න)

පොහොර ලබාදීමේ වැඩපිළිවෙලට ලබන වසරේ සිට රජය මැදිහත් නොවී කරගෙන යා හැකි සැලසුමක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ට හා ගොවිජන් සේවා කොමසාරිස්ට උපදෙස් දී තිබේ.

යල කන්නයට අවශ්‍ය සියලූම වර්ගයේ පොහොර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා දැනුම් දී ඇත්තේ පොහොර ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී රජය මැදිහත් නොවන බවයි.

යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම වෙනුවෙන් රජය මැදිහත් වන නමුත් ඉදිරියේදී ඉන් එයින් ඉවත් වන බව රත්නායක මහතා දැනුම් දී ඇත.

රජය විසින් ගොවි ජනතාවට පොහොර ලබා දීමට අවශ්‍ය මුදල් ලබාදෙන අතර රජය මැදිහත්වී ලබාගන්නා විදේශ අධාර පොහොර ආනයනය කරන පුද්ගලික අංශයේ ආයතන වෙත ලබාදී මිල පොහොර අඩු කිරීමට මැදිහත් වන බව සාගල රත්නායක මහතා නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඉන් එපිටට පොහොර ලබාදීමට රජය මැදිහත් නොවන බවද ඔහු කියා ඇත. එසේම රුපියල ස්ථාවර වීමත් ලෝක බැංකුව වැනි ආයතන කෘෂිකර්මාන්තය වෙත ආධාර ලබාදීමත් නිසා පොහොර මිල ඉදිරියේදී තවදුරටත් අඩු වනු අතැයි රත්නායක මහතා නිලධාරීන්ට පෙන්වාදී ඇත.

නිලධාරීන්ගේ ද අදහස් ලබාගැනීමෙන් පසු සාගල රත්නායක මහතා ඔවුන්ට උපදෙස් දී ඇත්තේ රජය සම්බන්ධ නොවී ගොවීන්ට පොහොර ලබාදීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

 



අදහස් (0)

පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 242 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 762 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1186 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site