(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ යුරියා පොහොර ගොවීන් වෙත බෙදා හැරීම සම්බන්ධව පූර්ණ විගණනයක් කරන ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී තිබේ.
ගොවීන්ට යුරියා පොහොර බෙදා හැරීමේ දී පවතින අඩු ලුහුඬුකම්, දුර්වලතා මෙන්ම අක්‍රමිකතාවන් සිදුව ඇත්නම් ඒවා ඉදිරි මාස් කන්නයේ පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලියේ දී නිවැරදි කර ගැනීමත්, අක්‍රමිකතාවන් සිදුව ඇත්නම් ඊට සම්බන්ධ නිලධාරීන් හා වෙනත් වගකිවයුත්තන් සම්බන්ධව නීතිමය පියවර ගැනීමත් විගණනයේ අරමුණ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මෙම පූර්ණ විගණන ක්‍රියාවලිය පොහොර බෙදාහැරීම් කටයුතු අවසන් කළ වහාම අරඹන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දී තිබෙි.
යල කන්නය සඳහා යූරියා පොහොර බෙදාහැරීම මේ වනවිට සියයට 98කින් අවසන් ව තිබෙන බවත් ඉතිරිය මෙම සතියේ බෙදා අවසන් කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd