IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොහොර ටෙන්ඩරය පමා කළ නිලධාරීන් අමාත්‍යාංශයෙන් දොට්ට

(අංජුල මහික වීරරත්න)

පොහොර ටෙන්ඩරය මාස තුනක් ප්‍රමාද කළ නිලධාරීන් දෙදෙනා වහාම කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මෙවර මහ කන්නයේ දී ගොවීන්ට අවශ්‍ය  යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පසුගිය මැයි මාසයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී  කඩිනමින් පොහොර මිල දී ගැනීම සඳහා අදාල ටෙන්ඩර් කැදවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට උපදෙස් දී තිබූ බව අමාත්‍යාංශය කියයි.

නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී මාස තුනක් ගත වූවත් ඒ සම්බන්ධව කටයුතු කරන වගකිව යුතු නිලධාරීන් දෙදෙනා යුරියා ටෙන්ඩර් කැඳවීම සඳහා කිසිදු පියවරක් ගෙන  නොමැතිබව අනාවරණය වී තිබේ.

මේ වනවිට රටවල්  කිහිපයක් අතර ඇතිවී තිබෙන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ  යුරියා  පොහොර ඇතුළු සියලු පොහොර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතින බවද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු මැයි මාසයේ දී මෙම පොහොර මිල දී ගැනීමට කටයුතු කළේ නම් ඉතාමත් අඩු  මිලකට යුරියා පොහොර මිල දී ගැනීමට හැකියාව තිබූ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

 



අදහස් (8)

පොහොර ටෙන්ඩරය පමා කළ නිලධාරීන් අමාත්‍යාංශයෙන් දොට්ට

රංබොඩ Sunday, 22 October 2023 09:24 AM

මෙවැනි නිලධාරීන් හැම ආයතනයකම ඇති. වැරදි වලට දඬුවම් නැති රටක වැරදි කිරීමට ඔවූූහු බිය නොවෙති.

:       0       19

Bamunuarachchi Sunday, 22 October 2023 09:50 AM

මේ අය මේ වගේ වැඩ කරන්නේ හදිස්සි අවස්ථාව පෙන්වා හදිස්සි මිලදී ගැනීම් කර ගාණක් සාක්කුවේ දමාගැනීමටයි. මොවුන් රැකියාවෙන් පන්නා දමන්න...!

:       0       16

පුරවැසියෙක්... Sunday, 22 October 2023 09:52 AM

ඇතැම් රාජ්‍ය නිලධාරීන් මගෝඩි වැඩ කරමින් වැඩ කටයුතු අඩාල කරන බැවින් එවන් නිලධාරීන් වෙනුවෙන් මෙවන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.

:       0       14

සමන් Sunday, 22 October 2023 10:24 AM

කතාව ඇත්තටම ඇත්ත නම් දඬුවම් දීම හොඳයි. හැබැයි ගොඩක් විට වෙන්නේ හොර මැර නැතිව නිසි කටයුතු කරන නිලධාරීන්ට බොරු චෝදනා දාලා දඬුවම් දෙනවා තමන්ගේ අරමුණු ඉටු නොවුණාම...

:       3       5

පැරකුම් Sunday, 22 October 2023 10:38 AM

අකාර්ය්‍යක්ෂමතාවයට දඬුවම මෙපමණද? ඉදිරියේදී එසේ නොවීමට දැඩි දඬුවමක් දියයුතු නොවේද?

:       0       11

ravin Sunday, 22 October 2023 10:50 AM

අත්‍යාවශ්‍ය කොමිස් මුදල නොලැබුණු හින්දා තමයි ප්‍රමාද වුණේ... ඒ අතරතුර දේශපාලුවන්ගේ හා හෙංචයියලාගේ ගනුදෙණුත් හරස්වුණා. ආයේ නම් එහෙම කරන්නේ නැහැ. කරුණාකර නැවත සුපුරුදු ස්ථානයටම පත්වීම ලබාදෙන ලෙස බැගෑපත් වෙමි. උත්තරය ඕකයි.

:       2       5

Hafeel Sunday, 22 October 2023 11:29 AM

මේ නිලධාරීන් මේ වැරැද්ද කළා නම්, මේ ගත්තු තීන්දුව නිවැරදියි. හැබැයි අර චීන අසූචි නැවට ඉතා අසාධාරණ ලෙස මහජන මුදල් ගෙවීම කළාට වගකිව යුතු දූෂිත ඇමැතිලාට කිසිම දඬුවමක් නැහැ. ඒ වගේම අර ගිනි ගත් නැවේ වන්දිය ගන්න අසමත්වූ දූෂිත අමැතිලාටත් කිසිම දඬුවමක් නැහැ. මේ ආණ්ඩුව තුළ ඕනේ තරම් දූෂිත හොර ඇමැති රාජ්‍ය ඇමතිලා ඉන්නවා. අදට දුමින්ද සිල්වා හැර කිසිම දේශපාලඥයෙක් හිරේ නැහැ. ඒකත් හිරුනිකා එදා ආණ්ඩුව නියෝජන කළ නිසා තමයි එදා ඔහුට දඬුවම් ලැබුනේත්. පසුව රට ජාතිය බේරා ගන්න ආපු ගෝඨාභය නීති විරෝධී ලෙස ඔහුව නිදහස් කළා. පහත් තැන්වලින් තමා ජලය ගලා යන්නේත්...!

:       2       16

සුරංග Monday, 23 October 2023 07:04 AM

මේ ගත්ත තීරණය සම්පූර්ණයෙන්ම වැරදියි වරදක් කලානම් දඩුවමක් දියයුතුය එහෙම නොකර දෙපාර්තමේන්තුවෙන් මාරුකිරීම දඩුවමක් නොවෙයි මෙහෙම එවුන් වෙනත් තැනකට ගියත් කරන්නෙ ඕකම තමයි මොවුන්ට ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව විදිමත් විනය පරීක්ෂණයක් කර දඩුවමක් දියයුතුය ඇත්තටම ඒ දෙන්නා ඔය වරද කලානම් සේවයෙන් වෙනත් තැනකට යැවීම නොවෙයි සේවයෙන් පහකිරීම කරන්න ඕන ඔය අමාත්‍යාංශයේ ආයතන සංග්‍රහය ගැන එහි විධිවිධාන දන්නා ඉහළම නිළධාරින් නැද්ද එහෙනම් ඉතින් රටටම අබ සරණයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site