( සමන් විජය බණ්ඩාර)
පිහියකින් ඇන බිරිඳ ඝාතනය කළ සැමියෙකු අද (30) උදෑසන හෙම්මාතගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
හෙම්මාතගම එරමිණිගම්මන ග‍්‍රාම නිලධාරි වසමේ මොලිගමුව ප‍්‍රදේශයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත බිරිදට පිහි ඇනුම කළ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 41 ක් වන කේ. සුජානි සංගීතා නම් කාන්තාවක් මියගොස් තිබේ.
පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් මෙ පිහි ඇනුම සිදු ඇතිබවත් මීට පෙර අවස්ථාකිහිපයකදීම පොලීසිය විසින්ද මෙම පුද්ගලයන්ට අවවාද කර ඇතැයි පොලීසිය සඳහන් කලේය.
මෙ වන විට මිය ගිය කාන්තාවගේ දේහය හෙම්මාතගම පර්යන්ත රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd