(අංජුල මහික වීරරත්න)
අද සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නැතැයි ද මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායම විසින් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2020 දී එක්සත් ජාතික පක්ෂයේ අයිතිය ප්‍රකාශ කරමින්, සිරිකොත අල්ලා ගැනීමට සූදානම්ව සිටි සමගි ජන බලවේගය අද පොහොට්ටුවේ සභාපති ඇතුළු පිරිසට යටවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, මහනුවර ජනාධිපති මන්දිරයේදී අද (07) පැවති දේශපාලන පක්ෂ නියෝජිත හමුව අමතමිනි.
2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමග මෙරට පක්ෂ ක්‍රමයද වෙනසකට ලක්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද අද සියලුදෙනා රට පිළිබඳ සිතා රජයේ වැඩපිළිවෙළ සමඟ සහයෝගයෙන් ඉදිරියට යා යුතු බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියට යන රජයේ වැඩපිළිවල කියලා කියන්නේ ලාබ ලබන රාජ්‍ය ආයතනවල් විකුණන්න ඒක හොරුන් ආරක්ෂා කරන එක නේද? ඕකටද සියලු සහයෝගය දෙන්න ඕනේ...!
මුලින්ම නුසුදුසු අය ගත්තා කියලා සජබ සභාපති විරුද්ධත්වය ප්‍රකාශ කළා... ඊයේ, පෙරේදා ජාතික සංවිධායක විරෝධය ප්‍රකාශ කළා... දැන් සජබ සමග ඇවිල්ලා සිටින කියත්මගේ අය නිසා අන්තිමට සජිත්ට වෙන්නේ මොකක්ද කියලා සජිත්ට හිතාගන්නවත් බැරිවේවි...!
ඉතින් එජාපයත් පොහොට්ටුවේ පිහිටෙන් තමයි ඉන්නේ...!
තමන්ව ජනාධිපති කරන්න ඡන්දෙ දුන්නේ පොහොට්ටුවෝ බව අමතක කළා. කොහොමත් ඔයාට ඡන්දේ දෙන්න මිනිස්සු මෝඩ නැහැ. මුළුරටම එක මිටට ජාතික ජනබලවේගයට..!!! මාලිමාවට ජයවේවා...!!!
හරි හිතට අමාරුයි නේද? මේ වසරේ නොවැම්බර් වෙද්දී මෙයා හිටපු ජනාධිපතිනේ...!
ඔය කියන අය හැමදාම පැන පැන ගිය අය...
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නැතිනම් හොඳයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මොනවද කියලා 1977 සිට මිනිස්සු අත්විඳලා තියෙනවා.
UNP ප්‍රතිපත්තිවලට මනාප ලක්ෂ 4-5 ජනතාවක් තවමත් ඇති...
පහුගිය මැතිවරණයෙන් එක පාර්ලිමේන්තු ආසනයක්වත් දිනාගන්න බැරිවුණු එජාපය කියන පක්ෂය තවම තියනවාද?
මේ රට හදන්න පුළුවන් රනිල්ට පමණයි. අපේ පළාතම රනිල්ට. ඔහු තමයි රට ආර්තිකයෙන් ගලවාගත් වීරයා. රටේ ණය බර ටිකටික ගෙවාගෙන යනවා. ඩොලර් බිලියන ගාණක් ආපසු ගෙවා ඇති බව මාධ්‍යයෙන් දැනගන්න ලබුණා.
ළිඳට වැටෙන මනුස්සයා කොහේ හරි එල්ලෙනවා...
ඉතිං මනුස්සයෝ එජාප ප්‍රතිපත්තිය සජබෙ තියෙනව නම් ඒක එජාපය ම නෙ... ඒක නෙ සජබෙ වෙනමම පක්ෂය ක් වෙන්නෙ ... මේකට පිස්සු ද .
තමන් හරිනම් කොන්ද පන තියෙනවාන්ම්. ඔයා සේරම නඩේ අල්ලා ගත්තත් කමක් නැහැ හැන්ද තියයෙන්නෙ ජනතවා අතෙ මෙදා සැරේ තමයි නියමෙට තියෙන්නෙ
මිනිස්සු එලවපු පොහොට්ටුවේ ලොකුම හොරු ටික රනිල් අල්ලාගෙන
අමුතුවෙන් කියලා අල්ලගන්ඩ දෙයක් නැහැ. තමුන්ගේ වාසියට පැවැත්මට එහෙට මෙහෙට පනින එවුන් ගැන අපි නොදන්නවා නෙවෙයි.
මෙයාගේ පස්සෙනුත් පොහොට්ටුවේ කණ්ඩායමක් ගිහින් තියෙන්නේ... මොවුන් ඔක්කොම එකයි. මොවුන්ට කිසිම ඡන්දයක් දෙන්න එපා.