
(අංජුල මහික වීරරත්න)
පොහොට්ටුවේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ගත් මෙම තීරණය පාක්ෂිකයන් හා රට ගැන සිතා ගත් තීරණයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ “එක්ව ජයගමු” තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවට අද (31) දින සහභාගී වෙමිනි. බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී මෙය පැවැත්විණි.
COMMENTS
පොහොට්ටුවෙන් රනිල්ට සහායවන්නේ මන්ත්‍රීවරු පමණයි. ජනතාව නොවේ.
රට ගැන හිතලා නෙමෙයි මෙයාලාගේ බඩ ගැන හිතලා තමයි රනිල් මහත්තයා ගාවට ගියේ
ඊළඟ මැතිරණයෙන් පසු ගෙදර ඉන්න කට්ටිය.
මේ මැති ඇමැතිවරු ජනාධිපති රනිල්ට ළං වූ සියල්ලෝම වියැකී ගොස් දියට වැටෙන්නට ආසන්න වූ නෙළුම් පොහොට්ටු ය. ඔවුන් ගැළවුම්කාරයෙකු සොයමින් සිටින අතර වත්මන් ජනාධිපතිවරයාටද ඉතා සුළු පිරිසක් හැර ජනතා සහයෝගයක් නොමැති වුවද ඔහු ජයග්‍රහණය කර තම මන්ත්‍රීධූර සහ ඇමතිධූර රැකගනු ඇතැයි ඔවුහු සිතති. මේ අය ජනාධිපතිට යෑමෙන් ඔහුට ඡන්දය දුන් අය දැන් ඡන්දය දෙන්නේ නැහැ.
ඔක්කොම හොරු ඔක්කොම යාලුවෝ ,මේ ගොල්ල ටාගර්ට් කරන්නේ ජනපතිවරණේ නෙවේ , ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණය ,දෙගොල්ලොම හොරු , අර පොඩිකාලේ පිල් බෙදිලා ක්‍රිකට් ගහනවා වගේ , එක කොටසක් බැංකු හොරාගේ කණඩායමට යනවා , අනෙක් කොටස සුනාමි හොරාගේ කණ්ඩායමට යනවා බොරුවට පිල් බෙදිලා ප්‍රසිධියේ රණ්ඩු කරනවා , දෙකට බෙදිලා චන්දෙට ඉල්ලලා පාර්ලිමේන්තු ගිහින් එකට එකතුවෙලා රත්‍රන් හොරාගේ මුස්ලිම් පක්ෂත් , තොන්ඩමන්ගේ වතු පක්ෂේත් එකතුකර ආණ්ඩුවක් හදල නැවත අපිව ගසාකනවා , දෙන්න එපා චන්දෙ මේ එකම කන්ඩායමකටවත් .පාර්ලිමේන්තු ගිහින් එකට එකතුවෙලා රත්‍රන් හොරාගේ මුස්ලිම් පක්ෂත් , තොන්ඩමන්ගේ වතු පක්ෂේත් එකතුකර ආණ්ඩුවක් හදල නැවත අපිව ගසාකනවා , දෙන්න එපා චන්දෙ මේ එකම කන්ඩායමකටවත්
මෙහෙමත් අවංක දේශපාලකයින්
ඔයා ගියාට අපි එන්නෙ නෑ..