
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය රට ආදරය කරන සියලු දෙනා නැවත පක්‍ෂයට සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මහජන නියෝජිතයන් පිළිබඳව නොව රටේ පුරවැසියන් පිළිබඳව විශ්විස තබා ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (6) පැවසීය.
පොහොට්ටුව ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා බවත් නාමයෝජනා ඉදිරිපත් කර සතියක් යන විට රටේ බහුතරයක් ඔහුට සහයෝගය පළකරනු ඇති බවත් සාගර කාරියවසම් මහතා කීය.
පොදුජන පෙරමුණට පුද්ගලයන් සමඟ තරගයක් නොමැති මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුව අතර ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් ඇති බවත් වර්තමාන ජනාධිපතිවරයා තාවකාලිකව පත්කළ කෙනෙක් බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළ කුලියටවත් දෙන තැනක් තිබ්බනම් සාගර මහත්තයාට උදව් කරන්න තිබුනා. නැතිකොට මක් කරන්නද?.
නොපිපිණු පොහොට්ටුවෙයි ඔය බලාපොත්තු වී සදහටම ඉවරයි... කියන්න ඕනම නම් වෙන දෙයක් කියන්න
දිනුවාත් පැරදුනාත් මම නම් පොහොට්ටුවේ අපේක්ෂකයා ඡන්දේ දෙනවා...
රටට ආදරේ එවුන් එකෙක්වත් පොහොට්ටුවේ හිටියෙත් නැහැ ඉන්නෙත් නැහැ, ඒ නිසා සාගරට තියෙන්නේ රටින් හෝ රටට ආදරේ අය ආනයනය කරන්න.
රටට ආදරේ අය හොයන එක නම් දැන් කළුනික හොයනවා වගේ වැඩක්.
අරගලයට ගස්සවලා යන එන මං නැතිව බංකර් වල හිටපු වුණාට පොඩ්ඩක් එළියට එන්න බොඩ් ගාඩ් ජනාධිපති කෙනෙක් පත්කරගතේ... කොහොමත් ඔය පක්ෂේ පවුලේ බූදලයක් විතරයි.. නාමල් කළ එළි බස්සනකල් අනිත් අය පොඩි මුරකරු ජොබ් එකක් කරලා පොහොට්ටුව බලාගන්නවා විතරයි... අපරාදේ ධම්මිකගේ සල්ලි ටික නාමල්ගේ අනාගත සිහිනයට ආයෝජනය කරනවා...
රටට ආදරේ අය ඉන්නවද බන්
හිතේ අමාරුවට කියන කතා
මේ වෙලාවේ පොහොට්ටුවෙ අය දෙපැත්තක හිරවෙලා ඉන්නේ. අපිට රනිලුත් ඕනැ. මහින්දත් ඕන. බෙදුම්වාදයෙන් රට බේර ගත්තෙ මහින්ද. අරගලෙන් රට බේර ගත්තේ රනිල්. අපිගෙදර ඡන්ද දෙකට බෙදාගෙන රනිල්ටයි පොහොට්ටුවටයි දෙමු. කළගුණ සළකන්න තියෙන එකම ක්‍රමේ මේක තමයි.
අනේ මෙයාලා රටට තියන ආදරය වචනවලින් කියල නිම කරන්න බැහැ. කොච්චර රටේ සම්පත් හොරකම් කලත් රාජපක්ෂලාට කඩේ ගියා නම්, රටට ආදරේ සහ දේශප්‍රේමීන්. මූන් කාලයක් කියනවා රනිල් දේශ ද්‍රෝහී කියලත්, කාලයකට කියනවා රනිල් තමයි මේ මොහොතේ රටේ ආර්ථිකය හසුරුවන්න සුදුස්සක් කියලත් කියනවා. අපිට නම් රනිල් රටට ආදරෙත් නැහැ, ඔහුට රටේ ආර්ථිකය හසුරුවන්නත් බැහැ.
කිසිම දේසපාලුවෙක් රටට ආදරේ ඇති අය නෙවෙයි .බලලෝබී බඩගෝස්තරවාදී අවස්තාවාදී ආත්මාර්තකාම්යෝ?
මේ අදහස් වලට ඩිස්ලයික් දාන්න සයිබර් බලකායක් සෙට් වෙලා වගේ නේද..? පහුගිය කාලේ සිහි බුද්ධියෙන් හිටිය කෙනෙක් නම් ඔහොම කරන්නේ නෑ...
වර්තමාන ජනපති පත් කළේ ඔබගේ පක්යෂ විසිනි. දැන් ඔහු හොඳ නැතැයි කීම විහිළුවකි. තවද බැසිල් රාජපක්ෂ නම් හොර තක්කඩියා සිටින තාක් මේ රටේ කිසිම කෙනෙක ඡන්දය නොදෙනු ඇත. හේතුව ගෝඨාභය ගෙදර යැවීමේ මුලිකයා ඔහුයි. මහින්ද සමයේ අධි බලැති ඇමැතියෙක්ව සිට අන් සියලුම ඇමැතිවරු පාලනය කළේ ඔහුයි. ඒ වෙන කමකටවත් නොව හොරා කෑමටයි..!