
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අනුරාධපුරයේදී මේ මස 21 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
පොදුජන පෙරමුණ පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයාගේ සහායට බිම් මට්ටමින් සහය දැක්වීමට කටයුතු කළ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බවත් ඒ මහතා කීය.
එම නායකයින් ද නැවත පොහොට්ටුට එක්වීමට කැමැත්ත පළ කරමින් සිටින බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මංගල රැලිය පවත්වන අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ සූදානම් කටයුතු පිළිබඳ සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්ස කුට්ටි කියන විදියට සල්ගාදු පිට්ටනිය රනිල් පාර්ශවය දින ගානකට වෙන්කරගෙන මහින්ද පාර්ශවයට නොදෙන්න. කොහොමද තමන්ටත් මෙහෙම වෙන කොට, ඉතින් මෙහෙම කුහකයින්ටද රට බාරදෙන්නේ...? අර හැම එකටම ජවිපෙට දොස් කියන හාදයෝ මේවා දන්නවාද? ඔන්න තමුන්ලා පත්කරන අයගේ කෙරුවාව...!
රනිල්ට වඩා ඡන්ද ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා...