(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනත් ජාතිකයන්ගේ ඡන්ද අවශ්‍ය නැති බවට ඇතැම් පුද්ගලයන් බොරු ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (5) පැවසීය.
දේශපාලනය කරන කිසිවෙක් තමන්ට වෙනත් ජාතිකයන්ගේ ඡන්ද අවශ්‍ය නැති බවට ප්‍රකාශ කරන්නේ නැතැයි ද ඔහු කීය.
එහිදී විපක්ෂනායකවරයා මෙසේ ද පැවැසීය.
"මේ වනවිට ඇතිවී තිබෙන ආර්ථික හා සමාජ ප්‍රශ්න දෙස බැලූවිට රටේ අනාගතය පිළිබඳව සිතන්නත් බයයි. පහුගිය අවුරුදු හතරහමාරෙදී මේ රට විනාශ වුණා. ආණ්ඩුවකට එහෙම ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද කියල පුදුමත් හිතෙනවා. ඉස්සර තිබුණ ආණ්ඩුවලටත් මෙහෙම ප්‍රශ්න ඇතිවුණා. ඔවුන් ඒවා නිසි ලෙස කළමනාකරණය කරගත්තා. නමුත් මේ ආණ්ඩුව ප්‍රශ්නවලින් මග අරින්න තවත් ප්‍රශ්න ඇති කරගත්තා.
අද රටට විතරක් නෙවෙයි කිසිම ආගමකටත් නිසි ආරක්ෂාවක් නැහැ. තමන්ගේ දරුවා ලෙඩවුණාම තාත්තාට පාසලට යන්න බැහැ හමුදාවෙන් වෙඩි තියල මරනවා. තමන්ගේ දරුවා බලන්න තාත්තාට අයිතියක් නැත්තං ඒ අයිතිය තියෙන්නේ කාටද? අද අපි එකිනෙකා දිහා බලන්නේ සැකෙන්.
පොදුජන පෙරමුණට වෙනත් ජාතීන්ගේ ඡන්ද අවශ්‍ය නැති බවට මේ දවස්වල ප්‍රචාරයක් යනවා. මේක පිළිඅරගෙන වැඩ කරන පිරිසකුත් ඉන්නවා. දේශපාලන පක්ෂයකට ඡන්ද එපා කියන්නේ කවුද? මේව පට්ටපල් බොරු. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පක්ෂයේ අර්බුද වහගන්න ඉතාම නින්දිත විදියට බොරු ප්‍රචාරය කරනවා.
රටක් දියුණු කරන්නනම් සැලැස්මක් තියෙන්න ඕනෑ. එදා අපිට රට දියුණු කරන්න ලොකු සැලැස්මක් තිබුණා. සැලසුම් නැතුව ආවට ගියාට රටක් සංවර්ධනය කරන්න බැහැ. 2005 දි මට බලය දුන්නේ යුද්ධය ඉවර කරන්න අවුරුදු පහකට මිනිස්සු මට බලය දුන්නා. මම අවුරුදු තුනක් යනවිට යුද්ධය ඉවර කළා. ඊට පස්සේ රට සංවර්ධනය කරන්න කටයුතු කළා. අවුරුදු 30 පස්සේ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කරන්න අපිට පුළුවන් වුණා. නමුත් විදේශීය බලපෑම් නිසා අපි ජනාධිපතිවරණය පැරදුණා.
මේ වගේ වටපිටාවකදී විද්වත් වෘතිකයන් මේ වගේ සංවිධානයක් බිහිකර ගැනීම ගැන අපි අවංකවම සතුටු වෙනවා. මේ සංවිධානය විසින් රටට හා ජාතියට වග කියන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ශක්තිමත් දායකත්වයක් ලබාදේවි. එබැවින් මේ යන ගමන අතරමගදි නතර කිරීමට කිසිම සූදානමක් නැහැ" විපක්ෂනායකවරයා කීය.
නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතේ අංක 189 ස්ථානයේ පවුර විද්වත් වෘත්තීකයන්ගේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කොහොමද? අපිනේ ඡන්දෙ දෙන්නේ .
ඔය නොකියා කියන්නේ අන්තවාදීන්ගේ කරපිටින් හරි යන්න ඕන තැනට යනවා කියන එකනේ.
"පොහොට්ටුවට වෙන ජාතිකයන්ගේ ඡන්ද අවශ්‍ය නෑ" සිංහලයෝ කෙලින් ඉන්නවානම් අපිට එහෙම ආණ්ඩු පිහිටුවාගෙන සුලු ජාතිකයින් බින්දුවට බස්සන්න පුළුවන්.
දකුණට එක කතාවක් උතුරට වෙනත් කතාවක්. සිංහලයා කැවුම් කන්න යෝධයා කියලා කිවේ විහිළුවට නෙවේනේ...
මෙයා කතා කරන්නේ. ජිවිතේට දේශපාලනය කරලා නැති විදියට. මුල් පටන් ගැන්ම වගේ, පසුගිය වසර හතර විතරද? රට අරාජිත වුනේ... ඔටුනු දාගෙන කරපු සෙල්ලම්, දුෂණ අමතකද? හොරාකාපු, ණයට ගත්තු මුදල්.. පිල්ලි ගහලා ඒ ණය ගෙව්වේ ජනතාව බදු මිල ඉහට උසයි. අද රට මේ තත්වයේ හරි තියෙන්නේ ඒ ණය ජනතාව ගෙවපු නිසයි... කෝ උදයංග? තවමත් හැංගි හොරා කතාව.., පුත්තු නටපු... සෙල්ලම්, ජනතාවට තවම මතකයි. නැවත ඡන්ද ගැන... කතා කරන්න පුලුවන්ද? මුස්ලිම් ජාතියටද? අන්‍ය ජාතීන් කියලා අඟවන්නේ... එදා අයියලා, මල්ලිලා රජයේ ඉඩම් බාරදුන්නා අන්තවාදීන්ට පල්ලි, පාසල් හදන්න කොහොමද කරපු විනාශය රටට? කරුණාකරලා, තරුණ පරපුරට රට කරගන්න ඉඩ දීලා අමතක වීමේ රෝගයට බෙහෙත් අරගන්න. 60ට වැඩි කිසිවකුට රට බාර නොදෙමි...
ඒවා බොරු කතා නෙමෙයි ඇත්තට කියපු කතා... ඕනේ නම් පරණ ඡන්ද රැස්වීම්වලදී කියපුවා පෙන්නන්නම්... අනික අදටත් වීරවංසලා, ගම්මන්පිලලා කියන්නෙත්, වැඩ කරන්නෙත් ඒ විදිහට තමයි. එදා සැලසුම් සහගතව කරපු දේවල් වැඩි වෙලා වෙන්නැති අදටත් අතකොටා අවුරුදු විසිහතරකට හිරේ යන්නේ, සේනාධිපතිලා හිරේ යන්නේ, ගොට්ටට ඉස්පිරිතාලෙන් එන්න බැරුව ඉන්නේ... මිනිස්සු ඒවා දන්නවා ලොක්කා. හම්බන්තොටට, මත්තලට ණය ඒවා ගෙවාගන්න බැරුව ඉන්නේ...
මොනවාහරි ජරාමරණයකට දවසකට එක පොහොට්ටුවෙකුවත් පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. ඡන්දෙ ගැන කතා කරන්න කලින් ගෝලයින් ටිකවත් පාලනය කරගන්න බලන්න.
මේ කතාව බමුණට අැහුණද දන්නේ නෑ..
බළලා මල්ලෙන් එළියට පැන්නේය...
බොරු නෙමෙයි, ඇත්ත.. සිංහල බෞද්ධයා ජාතිවාදියා කරලා... ඒ සියයට 72න් සියයට 53ක් ගන්නයි වෑයම...
ඔබ බලය ගන්න යන මග බොහොම වැරදියි. වීරවංශ ගම්මන්පිල යන මග රටට විනාශය මිස සමෘධිය ගෙන දේවිද?
මල්ලි ලෙඩක් නැතිව බයටම සිංගප්පුරුවේ ඉස්පිරිතාලේ... අන්න ඇවන්ගාඩ් සභාපතිත් රට පැන්නාලු. සාටක සමාගම එකතුවෙලා රටේ කරපු දුෂණ සඟවාගෙන තොත්ත බබා වගේ කතාව..
සිංහල ජාතික ඡන්ද විතරක් ගැන කියන අය මෙහෙයවීම කරනවා කියලා පෙනෙන්නේ ගෝඨාභය මහතා වෙනුවෙන් විමල් ..ගමිමන්පිල ප්‍රධාන පිරිසකි. රටේ ආරක්ෂාවක් නැහැ කියන ගමන්ම කියනවා හමුදාවෙන් වෙඩිතියලා මරනවා කියලා... පාසැල තුල ආරක්ෂක පියවරක් ලෙස සෙබලුන් යෙදවීම එපාද?..තාත්තාගේ එම අවස්ථාවෙහි හැසිරීම සහ සෙබලා දැක්වූ ප්‍රතිචාරය මතනේද අවාසනාවන්ත මරණය සිදුවන්නේ.. එතකොට කටුනායක.. රතුපස්වල.. හලාවත.. මැරුණේ මිනිස්සු නෙමෙයිද..? එවක සේනාධිනායක හා ආරක්ෂක ලේකම්...? එ් නිසා ප්‍රශ්නයක් තම වාසියටම ගන්න එපා...
මේ වගේ ඕන එකෙක්ගේ පස්සෙ යන්න තරම් මිනිස්සු ඉන්නවා අපේ රටේ...
සුලු ජාතික දේශපාලනඥයින්ගේ උදව් ගත්තට පස්සේ, ඒ අය අපිව මඩවනවා. වරක් එරික් අලුවිහාරේ මන්ත්‍රීතුමා මැතිවරණ වේදිකාවකදී කීවා " මට එක මරක්කලයෙක්ගේවත් ඡන්දය එපා" කියලා. ඒ වතාවේ එතුමා අසාමාන්‍ය වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළා. මෙහේ තරම් මහජාතිය, සුලු ජාතීන් මගින් මඩවන රටක් ලෝකෙ වෙන කොහේවත් නෑ. දැන් සිංහලයා වෙන කවරදාටත් වඩා සමගි වෙලා ඉන්නේ. මේ පාර නම් සුලු ජාතික ඡන්ද ඕනෙම නෑ. ගෝඨාභයගේ මැතිවරණ වේදිකාවේ මුස්ලිම් දේශපාලනඥයින් ඉන්නවා දැක්කොත්, සිංහල බොහෝ දෙනා කළකිරිලා, කාටවත් ඡන්දය නොදී ගෙදරටම වෙලා ඉන්න ඉඩ තියෙනවා. ඒ අය ලංවෙන්නේ එවැනි උපායක් සඳහා වෙන්නත් පුලුවන්...
මේකයි ගැටළුව අපේ රටේ.. මගේ මතය නම් සියලුම සුළු ජාතිකයන්ගේ සියලුම ඡන්ද බලය අහිමි කළ යුතුයි.