(ඩයනා උදයංගනී)
පොහොට්ටුව පොළවේ ගැසූ පොල් මලක් මෙන් සීසීකඩ විසිරී ගොස් ඇති බවත්, එහි සිටින කළකිරුණු පිරිස් තම කණ්ඩායම හා එක්වෙමින් සිටින බවත්, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
තම කණ්ඩායම ඇමැති ධුර අහිමි කරගත්තේ 69 ලක්ෂයකට ලබා දුන්න පොරොන්දු ඉටු කරගැනීම සඳහා ආණ්ඩුව තුළ සටන් කළ නිසා මිස කළ වරදක් වසාගැනීමට ගොස් නොවේයැයි කී මන්ත්‍රීවරයා ඒ නිසා පොහොට්ටුව එපා වූ කතාව වඩාත්ම ආකර්ශනීය වන්නේ තම කණ්ඩායම වන උත්තර සභාගය වෙත බව ද බව ද සඳහන් කළේය.
ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ දී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පැවසුවේ මන්ත්‍රීවරුන් උත්සාහ ගන්නේ පාර්ලිමේන්තුව විසුරුවා නොගෙන ඉදිරි වසර දෙක පවත්වාගැනීමට බවත්, එය කළ හැක්කේ ජනාධිපතිවරයාට බැවින් එතුමා ශක්තිමත් කිරීමට ඔවුන් උත්සාහ ගන්නා බවත්ය.
නමුත් ජනතාවට අවශ්‍ය 2019 කළ වරද නිවැරදි කරගැනීමට නිසා ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත නොයන බව ද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඇතුළු පක්ෂ විපක්ෂ සියලුම පරණ හොරු ජනතාවට එපා වෙලා තියෙන්නේ. එම නිසා ලබලන ඡන්දෙන් පස්සේ පර්ලිමේන්තුවේ අවම වශයෙන් 70% ක් පමණ අලුත් මුහුණු දකින්න ලැබේවි.
පස්සට වැදුනු පාපන්දු පහර තාමත් රිදෙනව වගේ.
අනේ ඔයා අර ඩීමන් ආනන්ද වගේ ත්‍රාසජනක කතා කිය කිය ශේප් එකේ ඉන්නව නෙ?