(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් ව ඇති බැවින් සහාය දිය යුත්තේ ,පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින්,පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බව ද ඔහු සඳහන් කළේය.
ලබන විසිවැනිදා පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට ඉදිරිපත් වන බව ඩලස් අලහප්පෙරුම මහතා දැනටමත් ප්‍රකාශ කර ඇතැයි කී මහාචාර්ය පීරිස් මහතා ඔහු ඉතා සුදුසු අපේක්ෂකයෙකු බව සඳහන් කළේය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමට තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කරණවෑමියන්ට යන එන මං නැතිවෙන දින වැඩි ඈතක නොවෙයි...
තමුන් කියනකම් තමයි බලන් හිටියේ..!
මේ වෙලාවේ කරන්නට හොඳම දේ තමයි මැතිවරණයක් පවත්වා සැබෑ ජනතා නියෝජිතයින් පත්කර ගැනීම...
ගෝඨාභය ෆේල් වීමට ඔබත් වගකියන්න ඕනෑ කෙනෙක්..! තවත් විකාර නොකියා ඉන්නවද?
අපිත් මේ බලන් ඉන්නේ මහින්ද චින්තනේ ලියපු කෙනා ඩලස් චින්තනේ එළියට දානකම් තමයි... පොහොට්ටු කාරයින් කරපු හරිය ලෝකෙම දන්නවා...
බඩුම තමයිය.ඩලස් අගමැති යනු රනිල් ජනපතිය.කපුටාස් සහ,මයිනාස් තවම ගේමේය.සජිත් ට දෙවියන්ගේ පිහිටය.තව මාස කීපයකින් ගෝටා පැමින නගරාලංකරන ඇමති වන්නටත් බැරි නැත.ජෙප්පන් කුරුට්ටන් අරගලය මැදට අන්තරේත් සමග පැන කරපු සන්තෑසිය තමයි මේ. ස්වාදීන වී වැට උඩ නැගපු සෙට් එක කෝ?මුන් සෙට් එකද රනිල්ට චන්දෙ දෙනවා ශුවර් ය.විමලයාට ගෑනිව,බේරා ගන්න උවමනාය.ගොම්මන්පිලට වංචා නඩු වලින් බේරෙන්න ඕනෑය.අනික් හැම තක්කඩියාටම රනිල් පසු පස යනවා මිස අන් මගක් නැත.බයිලා කියමින් ඩෙගා නටන උන්ට රනිල් තරම් මොලයක් නැත.රනිල් වගේ වගක් නැතිව තමන්ට ඕනෑ දේ කරන්නේ තුරිම්පු සියල්ල ඔහුගේ අතේ ඇති නිසා කපෝතියක් ගහන එක ශුවර් නිසාය.අතේ එක තුරුම්පුවක්වත් නැති අනුර හාමුදුරුවෝ බන කියන්නාක් වැනි දේසනා පවත්වයි.දැන්වත් පරජය කොහොම උනත් කපෝතියෙන් බේරෙන්නවත් උත්සාහ කරන්න.මොකද අරගලය ජෙප්පන් හා කුරුට්ටන් මස්තබාල්දු කර,ඇති බව රට්ටුන් හොදින් අවබෝද කරගෙන ඇති නිසා.
ඡන්දය අවසානයේ වෙන්දේසියක් වෙලා වැඩිම ලන්සුව දුන් කෙනාට විකිණේවි...!
ඩලස්ට වැඩිය තමුන් වගේ මහාචාර්යතුමෙක් ජනාධිපතිකමට සුදුසූයි කියලා හිතුනෙම නැද්ද .
අපි පොහොට්ටුවන්ට එන්න ඉඩ තියන්නේ නැහැ...
තවත් රට කන්න එපා... රනිල්ට කරගෙන යන්න දෙන්න...!
69 ලක්ශයක් චන්ද අරන් චන්ද 30000 මනාප ගන්න බැරි උන කෙනෙකුට පක්ශය පාවාදෙන අය ඉන්නවද?????
හොඳ කෙනෙක්... කෙලින් වැඩ කරන මිනිහෙක්...
ඉතිහාසයේ අපි දැකපු හොඳම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන. 2015දී ජාත්‍යන්තර සහයෝගය ලබාගත්තු හැටි පුදුම හිතෙනවා.. මොකද මහින්ද ඒක විනාශකරලා තිබුණේ. මෛත්‍රිපාල වගේ පරිණත අත්දැකීම් ඇති පුබුද්ධ අයෙකුට පමණයි රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්...
හොරකම් වලට සම්බන්ධ නැහැ
පොහොට්ටුව බංකොළොත්... එජාපයට පාවාදෙන්න එපා. රනිල් ආවොත් ආපසු එජාප තක්කඩියෝ ටික තමයි උපදේශකයින් වෙන්නේ.. එදාට තමයි පසුතැවිලි වෙන්න සිද්ද වෙන්නේ...!
යුද්ධයේ අන්තිම අවස්ථාවේදීවත් වචනයකින්වත් උදව් නොකර නෝර්වේ වගේ රටවල් අල්ලගෙන එම ජයග්‍රහණය ආපසු හරවන්න උත්සාහ කරපු කෙනා මෙතැනට ගෙනත් පාවාදෙන්න එපා...
පොහොට්ටුව පිරිහිලා ඉවරයි. තවත් පිදුරු ගස්වල එල්ලී සිටීමට වෙර දරන්නේ ඇයි? මහින්දට ගෝඨාභයට ගොඩගැනීමට බැරිවූ පොහොට්ටුව ඩලස් කෙසේ ගොඩගන්නද? තවත් උප්පරවැට්ටි යොදන්නේ නැතිව රටේ ජනතාව වෙනුවෙන් බලයට ඇති කෑදරකම අත්හරින්න. රට ගොඩ ගැනීමට සමත් පිරිසකට බලයට ඒමට උදව් කරන්න. රට වෙනුවෙන් සිදුවිය යුත්තේ එයයි. ජනතාවගේ ජීවන තත්වය ඉහළ දමන්න වෙහෙසෙන්න. ජනතාව සැමදා දුකේ. එහෙත් දේශපාලකයින් සුඛිත මුදිත දිවියක් ගෙවන ආකාරය මේ යුගයේ වෙනස් කළ යුතුව ඇත.
බැසිල් කාක්ක ගෙ අදහස් සහ වචන, GL (පතෝල) ඵීරිස් ගෙ කටින් තවමත් පිටකරන වගයි...
මෙයාගේ මහාචාර්යකම ළමයෙකුට දුන්නා නම් ඔයිට වඩා මොලේ ඇතුව වැඩ කරයි. නූගත් මිනීමරුවන් හොරුන් එක්ක හිටියා මදිවට ඒ අයව පවත්වා ගෙන යන්නත් කයිය ගහන්න එනවා. අඩුගානේ නහින දෙහින කාලේ යන තැනකට පිනක්, දහමක් කරගෙන ඉන්නවා. මෙතැන රටේ මිනිස්සුන්ගෙන් එකඑක දේවල් අහගෙන නෝණ්ඩි වෙන්නේ නැතිව...