IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


පොහොට්ටුවේ විනය කමිටුවට නීතිඥයන් 7 ක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කළ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පැවසීය.

සාමාජිකයන් හත් දෙනකුගෙන් යුත් එම විනය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස නීතිඥයන් වන අතුල ද සිල්වා, මංජුල වෙල්ලාලගේ, සරත් අතුකෝරළ, තුෂාරී සූරිආරච්ිචි සහ චමරි පෙරේරා (හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ) යන මහත්ම මහත්මීහූ පත්වූ බවත් විනය මණ්ඩලයටට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්නොකිරීමට පියවර ගත් බවත් කාර්යවසම් මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කොළඹ නිල නිවසේදී අද (27) පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම පත්වීම් කළ බව ද ඒ මහතා කීය.

එම පක්‍ෂයේ බේරුම්කාර මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චමල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන සහ මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් පත්කළ බවත් පක්‍ෂයේ අභ්‍යන්තර ගැටමක් ඇතිවුවහොත් ඒවා විසදීම බේරුම්කාර මණ්ඩලයේ කාර්ය බවත් ඒ මහතා සඳහන් කළේය.

එම පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතාට නැවතත් ජාතික සංවිධායක ධූරය බාරගන්නා ලෙස විධායක කමිටුවේ දැඩි ඉල්ලීමක් තිබුණ ද එම තනතුර තරුණයෙක්ට දීම වඩාත් ඵලදායි යැයි පැවසීමෙන් පසුව නාමල් රාජපක්‍ෂ මහතා ඒකමතිකව ජාතික සංවිධායක ධුරයට පත්කළ බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (8)

පොහොට්ටුවේ විනය කමිටුවට නීතිඥයන් 7 ක්

Nimal Thursday, 28 March 2024 06:24 AM

අපූරු අය කිහිප දෙනෙක් නේ විනය කමිටුවට පත් කර තිබෙන්නේ .පොහොට්ටුවේ විනාශය ඇත ලඟයි

:       4       6

චාන්දනී Thursday, 28 March 2024 06:35 AM

බේරුම්කාරයෙක් හැටියට පත්කල කෙනාට නේද කෝප්ප කමිටුවේ ප්‍රශ්නයක් ඇතිවුණා කියන්නෙ ඒකවත් බේරා ගන්න බැරි මිනිහෙක් කොහොමද පක්ෂයේ බේරුම්කාරයෙක් වෙන්නෙ කියලා හිතන්න අමාරුයි බාං

:       4       6

අරවින්ද මොනරවිල Thursday, 28 March 2024 06:50 AM

හැදියාවක් විනයක් නැති අවස්ථාවාදී කල්ලියකට විනය කමිටුවක් මොකටද ?

:       6       7

ranjith Thursday, 28 March 2024 10:32 AM

ඔය රට බංකොලොත් කරන්න වගකිවයුතු සෙට් එක ඉවත් කරන්න

:       0       0

visnu Thursday, 28 March 2024 10:53 AM

විනයක් තියන පක්ෂයක්ද හොරුන්ගේ පොහොට්ටුව

:       0       0

Kazi Shajahan Thursday, 28 March 2024 02:17 PM

අපෝ අහන්න එපා... වෙන නම් ගොඩක් තියෙනවා... ඔයාලාට ඕන දෙයක් කරගන්න... අපි මේ සැරේ ඡන්දෙ දෙන්නේ NPP එකට...

:       2       1

nanda Thursday, 28 March 2024 04:35 PM

තවපාරක් 69 ලක්ෂය UNP එකට පාවාදීලා ඔක්කොම ගෙදර යන්න...

:       1       1

Ayur Creative Life Science Saturday, 30 March 2024 12:13 AM

දේශීය වෛද්‍ය ඇමැති සිසිර ජයකොඩි න්‍යායාත්මක හා සායනික පුහුණුව රහිත පුද්ගලයින්ගෙන් අල්ලස් ලබාගෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙනවා.. ඔහුව විනය කමිටුවට කැඳවන්න. කැඳවන්නේ කොහොමද ඔක්කෝම හොරුනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමන විගමන නිලධාරීන් භාරයේ සිටියදී පලා ගිය ඊජිප්තු ජාතිකයා කොටුවෙයි
2024 අප්‍රේල් මස 28 111 0

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී ඉන් පලා ගොස් මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක සැ


නමගිය අපරාධකරුවෙක් ඇතුළු 5ක් පොලිස් දැලේ
2024 අප්‍රේල් මස 28 116 0

වෑන් රථයකින් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවකු සහ තවත් සැකකරුවන් පස් දෙනෙක් සමග විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක


රටේ ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොවේ
2024 අප්‍රේල් මස 28 315 0

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට තද වැසි
2024 අප්‍රේල් මස 28 48 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ස්ථාන කීපයකට පස්වර 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ වි


යතුරුපැදිය කුඹුක්ගසේ හැපී තරුණයා මරුට
2024 අප්‍රේල් මස 28 239 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර මාර්ගයේ මුතුවැල්ල ප්‍රදේශයේදි, යතුරු පැදියක් කුඹුක් ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් තරුණයකු මියගොස් ඇති බව වැලික


මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත
2024 අප්‍රේල් මස 27 2603 0

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 360 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1755 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1589 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site