(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරාගැනීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ජනාධිපති ධූරයට තරග කරන්නේ යැයි තීරණය කිරීමත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී ජනාධිපති ධූරයට වඩාත් සුදුසු පුද්ගලයා වික්‍රමසිංහ මහතා යැයි හැගෙන හෙයින් සහාය දැක්වීමට තීරණය කළ බවත් කාරියවසම් මහතා වැඩි දුරටත් පවසා තිබේ. එම නිවේදනය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මහින්දට පුළුවන්නේ ඕක ගන්න. නියම බෞද්ධයානේ... අනිත් එක අන්තිම අවස්ථාව රට බේරගන්න තියෙන මොහොතටද රනිල්ට දෙන්නේ? රට විකුණලා දාන්නද?
මදැයි මහ බැංකු හොරු ඇල්ලුවා. පොහොට්ටුවට ප්‍රශ්න තේරෙන්නෙත් නැහැ. විසඳන්න වුවමනාවකුත් නැහැ.
එහෙම නෙවෙයි කියන්න ඕනේ... රාජපක්ෂලාගේ පූර්ණ සහාය රනිල්ට කියලා... පොහොට්ටුව හැදුවේ බැසිල්නේ. ඉතින් රාජපක්ෂලාගේ හොරකම් සේරම යටගහන්න පුළුවන් රනිල් හිටියොත් විතරයි.
වරෙල්ලකෝ ගෙවල්වලට... බලාගන්නම් අපි...!
අනේ බොලාට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? කොළඹින් ඡන්ද 5000ක් ගනිපු... ජනතාව ගෙදර යවපු.. කෙනෙක් ජනාධිපති කරන්න ඡන්දෙ දෙන්න.
ඕවා කළොත් මේ උද්ඝෝෂණ නතර වෙන්නේ නැහැ. කරුණාකර පාර්ලිමේන්තු මැතිවරණයක් දෙන්න. අපට රැකියාවක් කරගන්න බැහැ.
මහබැංකු හොරෙක් කියලා, ජනතාවගෙන් 69 ලක්ෂයක් ඡන්ද අරන් නේද පොහොට්ටුව පසුගිය ආණ්ඩුව පැරැද්දුවේ..? දැන් හොඳද? පොහොට්ටුවේ ජනාධිපතිකමට සුදුසු කෙනෙක් ඉතුරුවෙලා නැතිද?
ලැජ්ජයි...!
එහෙම උනොත් (PA) රාජපක්ෂලාට ජනදිපති ර්‍රනිල්ගෙ සමාව ලබෙනව නියතයි.... ඊලග පියවර මෙ ලෝක හොරු රංචුවම තමන් "අදරය කර කියන" මෙ ශ්‍රී ලංකාව හැරදමා යන එක සහතිකයි. උන් ගියට අපට කිසිම ප්‍රශ්නයක් හෝ රුදාවක් නැති නමුත්, උන් පිට රට පටවපු කොටි ගනන් අපේ ධනය අපෙ රටට සදාකලිකවම අහිමි වන බව නම් ඉර හද වගෙ සහතිකයි !!!