(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් පළාත් මට්ටමෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අනුව පක්ෂයේ තීරණය පිළිබඳව උතුරු නැගෙනහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දැනුම්වත් කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියන්නේ මොනවද කියලා මෙයාම දන්නේ නැහැ. කවුරුන්ද? කාවදාද? මේ තීරණය ගත්තේ... පොහොට්ටුවේ හෙංචයියලා පිරිසක් උත්සාහ කරන්නේ කිසිම ජනවරමක් නැති දේශපාලකයෙක්ව නව ජනාධිපති කරලා රට තවත් අගාධයට තල්ලු කරන්නයි. මෙතෙක් කළ කෙරුවාව හොඳටම ඇති. පොහොට්ටුවේ තක්කඩි සියල්ලන්ම හැකි ඉක්මණින් ගෙදර යවමු..
එළ... එළ...
ජී.එල්ගෙන් අහන්න පක්ෂයේ සාමාජිකයින් සිටිද්දිම නේද රනිල්ව අගමැති කළේ කියලා.
පොහොට්ටුව යනු මහින්ද ලංකාවට හඳුන්වා දුන් පාදඩ දේශපාලනයයි.
ඔහොම යමුකෝ...!
එතකොට දවල් ඩැනියෙල් රෑ රැපියල්ට මොකද වෙන්නේ..?
හොරුන් රකින්න නම් හොරෙක්ම පත්වෙන්න ඕනේ..!
මොනවද මේ කබලන් කතා, කට ඇරියොත් “මගේ“ කියන තැනට “පොහොට්ටුව“ කියලාමයි ව්‍යවහාර කරන්නේ...!
රනිල් එන්නේ පොහොට්ටු මන්ත්‍රීලගේ පිච්චුණු ගෙවල් හදලා දෙන්නයි රාජපක්ෂලාගේ ආරක්ෂාව තහවුරු කරන්නයි...
සාගරට තීරණ ගන්න අයිතිය දුන්නේ කවුද? මෙතුමා ඡන්දයක් දිනලාද ඉන්නේ? ඡන්දෙ දීපු ජනතාවට තම ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් හමුවීමට කාලය පැමිණ ඇත.
අපිට ශක්තිමත් පාලකයකු අවශ්‍යයි පාලනයට. රනිල් හොඳ තේරීමක්... රජයේ දේපල වලට හානි කරමින් නීතිය අතට අරගෙන කටයුතු කරන පිරිස අත්අඩංගුවට ගෙන ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුයි.. සියලු ශිෂ්‍ය සංවිධාන අහෝසි කර, උදව් දෙන දේශපාලන පක්ෂ තහනම් කර රටේ නීතිය ස්ථාපිත කළයුතු කාලයයි...
පොහොට්ටුව කියන්නේ බිම්මපක් කියලා ඔප්පු කරපු තව එක්කෙනෙක් තමයි මේ. පොහොට්ටුව නැති කරන්න දායක වෙච්චි දෙන්න තමයි මේ ගල් බමුණා සහ බැසිල්...