(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදයෙන් රට බේරාගත් නායකයා සමග ඉදිරියට යනවාද? වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද? යන කාරණය පොදු ජන පෙරමුණ ප්‍රකාශයට පත්කළ පසු පක්ෂය සමග ඉදිරියට යනවාද? පෞද්ගලික මතයට ඉඩ දෙනවාද? යන්න පොහොට්ටුවේ බොහෝ දෙනෙක් තීරණය කරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
"පක්ෂයද? අපේ පෞද්ගලික මතයද? කියන එක ඒ කාලේදී පක්ෂය ඇතුලේ ඉන්න අය තීන්දු කරනු ඇතැයි ද" රණතුංග මහතා කීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී රට ගැන සිතනවා නම් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් නායකයකුට සහාය පළ කිරීම සියලු දෙනාගේම යුතුකම සහ වගකීම බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාමත් කඩිනමින් ඒ පිළිබඳ අවසන් තීරණයකට එනු ඇති බවද රණතුංග මහතා සඳහන් කළේය. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් පොත් ලබාදීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අද (30) ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම් කාරයෙක් කතා කරනා මතවාද ?
පරම්පරාවටත් එක්ක ලැජ්ජයි...!
මෙයා කියන විදිහට ලංකාවේ දැන් ආර්ථික අර්බුදයක් නැහැ. දීපල්ලා මේ අයට ඡන්ද?
මෙන්න මෙයා කියන විදියට කටයුතු කරන්න සේරම සූදානම් වෙමු. මොකද කප්පං කාරයින්ට බය වෙන්න එපායෑ...!