(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් එහි ජාතික සංවිධායක,බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී අද (20) පෙරවරු 10.00 ට පැවැත්වේ.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මැති ඇමතිවරුන් පක්ෂ නායකත්වයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
පක්ෂයේ තවත් පිරිසක් කියා සිටින්නේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනත් පුද්ගලයකුට ලබා දිය යුතු බවයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවට ජනාධිපති වෙන්න තරම් නායකයකු සොයා ගන්න නෑ. පොහොට්ටුව ඉවරයි. ස්ත්‍රීරවම ජනාධිපති අපේක්ෂකයා විදිහට දැන් ඉන්න ජනාධිපතිතුමා පත්කර ගන්නවා. පොහොට්ටුවට වෙන විකල්පයක් නෑ. පොහොට්ටුව පිපිලා ටික කාලෙකින්ම පර වුණා.
රට බේරා ගැනීමට නාමල් කුමරු, දස බල සේනාව සමග රුහුණේ ගිරුවා පත්තුවෙන්, මහ රජාණෝ ගේ ආශිර්වාදයෙන්, ඉදිරිපත් වන වගයි..
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කරගත්තොත් නරකද?
69 ලක්ෂය තව දුරටත් පාවා දෙන්න එපා.69 ලක්ෂය ලබාගන්න දුන් පොරොන්දු රකින ජාතිකවාදී අපේක්ෂකයෙක් නම් කරන්න .නැතිනම් පොහොට්ටුව ඉවරවෙනවා
මහ බැංකුව මහ දවල් කොල්ලකෑ රනිල්, රටේ සම්පත් විකුණන රනිල්, බටහිර රූකඩය රනිල්, විජාතික ගැති රනිල්,ධනපති පන්තියේ නියෝජිතයා රනිල් දිනවන්න, හොරුන් දඩුවම් කරනවා යයි කයිය ගැහුවට, රටේ සම්පත් සුරකිනවා යයි පංපෝරි ගැහුව, දේශීය ආර්ථිකයක් සංස්කෘතිකයක් ගැන වැල් බයිලා ගැසුව හොර දූෂිත රට විනාශ කෙරුව පොහොට්ටුවන්ට කර ගහන්න සිදූ වීම ඓතිහාසික විහිලුවක් වෙනවා ඇත.
ලස්සනට පොහොට්ටුවේ වැඩේ අරගෙන යන්න නම්... අනිවාර්යයෙන් නිහතමානි නායකයෙක් පොහොට්ටුවෙන් දාන්න ඕනෑ. උදාහරණ- සුසිල් ප්‍රේමජයන්ත, විජයදාස රාජපක්ෂ...
ජනාධිපති තරගෙට සුදුස්සෙක් පොහොට්ටුවේ (කුණුවෙච්චි නිසා ජරාව ගෑවෙන්න පුළුවන් වුණත් කමක් නැහැ සෞභාග්‍යය සොයාගන්න ඕන නිසා ) ඉන්නවද බලන්න අන්වීක්ෂයකුත් අරගෙන පරීක්ෂණ කරන්න මමත් එන්නෙයි