
(බී.ජී.චතුරංග සහ ප්‍රදීප් රණතුංග)
"සටන අරඹමු රජරටින්" යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයේ අද (26) පැවැත්විණි.
ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් දිස්ත්‍රික්කයේ කලා වැව ආසනයේ ජනතාව දොළොස් දහසක් පමණ සිටියහ.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී. වීරසිංහ, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි, ජෝන්ස්ටන් ප්‍රනාන්දු,එස් එම් චන්ද්‍රසේන, එස් සී මුතුකුමාරණ, ගමගේ වීරසේන, කලාව ආසන සංවිධායක හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් ,හිටපු පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල යන මහජන නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම අනෙකුත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සහභාගි වී සිටියදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැමිණ නොසිටීම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව අමතා කතා නොකිරීම මෙහිදී විශේෂත්වයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාවැවේ පොහොට්ටුව පස්සෙ යන්න එතරම්ම මෝඩයෝ රැලක් ඉන්නව නම් කයියනායක උඩින්ම පරාදයි කියන්න වෙයි නේද
ඒ පැත්තේ තාම තණකොළ තියනවා වගේ. වෙලාවකට හිතෙනව මේ රටේ මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි කියලා.
තක්කඩි වැඩ කරලා ජිවන වියදම් තුන්ගුණයකින් විතර වැඩි කරත් , හොස්පිටල් වල බෙහෙත් , දොස්තරලා නැති කරත් , අලුත් බදු ගහල අදායම් අඩුකරත් ...ලැජ්ජාවක් නැතිව හැමදාම හාමුලට බක්තියෙන් ඉන්න අමුතු මිනිස්සු ඉන්න රටක් මේක
ආපු අය 3000ම කලාවැව ආසනයේමද? මාධ්‍යවේදීන් දෙන්නට ගණන් බෑ වගේ. අයිඩෙන්ටිය බලලා වෙන්න ඇති ඔක්කොම කලාවැව කීවේ.
පුතා කතා කරලත් නැහැනෙ .
නාකි විසේ ගෙට් උසේ පින්තුරයේ මැදමුලන නාකි මයිනාගේ හැරමිටියට දැක්කා නේ
මේවා දකිනකොට හිතෙන්නේ මේ රටට කෙල උනා මදි .හාල් කිලෝ එක ,රුපියල් 2500 ට යන්න ඕන.ඉස්පිරිතාලවල ගෙනාපු බාල බෙහෙත් ඔක්කොම මුන්ට වෙන්කරලා තියන්න ඕන එන ඕනේ කාලෙක විඳින්න
Nilantha මල්ලියේ කවුද බන් කයියනායක , මීට වසර සිය ගණනකට පෙර රජරට අවට ප්‍රාදේශීය දෙවිවරුන් වන අයියනකට මිනිසුන් වන්දනාමාන කළා ,මේ කයියනායක අයියනායකගේ සහෝදරයෙක්ද ? දන්නේ නැති නිසි ඇහුවේ බන් , ඇරත් ජනපති අපේක්ෂකයෙක් ඇති පොහොට්ටුවවේ , "පොහොට්ටුව ජනපති සටන රජරටින් අරඹයි" මාරු සිරස්තල බන් , මේ රැස්වීම් වලට යන උන්දලට මඩුවලිගයෙන් ගහන්න ඕන බන් , ඇරත් , වේල හොයාගන්න බැරි සරණ මිනිස්සු , ඔහේ ගියදෙන් මල්ලියේ.අයියනකට හිටියන රජරට මිනිස්සුන්ට සරණය වෙයි මල්ලියේ...!
තව ටික කලක් ඔහොම යමුකෝ
රට මේ තත්වයට පත්කරපු මෙයාලාට නම් හොඳක් සිදුවෙන්නේ නෑ.
පොහොට්ටු නරුමයෝ හාමු කීවොත් අසූචි වුණත් කයි..
මේ සැරේ නම් බඩුම තමයි... දැක්කම කියන්න පුළුවන්. දැන් ගව සම්පත අඩුවෙලා..