(සුමිත් පොතුපිටිය)

පළාත් පාලන මැතිවරණය සදහා පළමු වරට ඇපමුදල් තැනපත් කිරීම අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදුකරන ලදී .

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 13 ක් සහ නගර සභා 4 ක් වශයෙන් පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් මෙහිදී ඇපමුදල් තැනපත් කෙරිණි.

ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා ඇතුළු හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත පැමිණ ආශීර්වාද ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කලහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් , හිටපු අමාත්‍යවරුන්වන නාමල් රාජපක්ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු , සනත් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න , කාංචන ජයරත්න සහ හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .