(මුදිතා දයානන්ද)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුජන පෙරමුණ හා එජාපය හැර විකල්ප ඕන තරම් තිබෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද (6) පැවසීය.
ජයසේකර මහතා මෙසේ පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී එජාප විරෝධී පෙරමුණක් හදන්නේ නම් ශ්‍රී.ල.නි.ප පක්ෂයට පොහොට්ටුව හැර වෙනත් විකල්පයක් තිබේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
පක්ෂය කියන්නේ මම වත් වෙන කෙනෙක්වත් නෙවෙයි. අපේ පක්ෂ සාමාජිකයෝ විශාල පිරිසක් ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. අපි එක එක්කෙනාට ඕන හැටියට මේ පක්ෂය ගෙනිහිං කොහාට හරි හේත්තු කරන්න බැහැ. නිකම්ම කවුරුහරි ප්‍රතිපත්තිමය කාරණා සමඟ එකඟවිය හැකි විකල්පයක් ගැනයි අපි බලන්නේ. නිකම්ම අපේක්ෂකයෙක් දැම්ම පළියට දිනන්න බැහැ. සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජනකොටස්වල ආශීර්වාදය මේ අපේක්ෂකයාට අවශ්‍යයි. සිංහල ජනතාවගෙන් පමණක් දිනන්න පුළුවන් නම් මේ මොනවත් ඕන නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ජාතිවාදී පක්ෂයක් නෙවෙයි. සියලූ ජාතිකත්වයන්ගේ එකමුතුවෙන් හැදුණු පක්ෂයක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා යම් ස්ථාවරයකට ඇවිත් තිබෙනවා. ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෛත්‍රිපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.
ඉදිරි දින කීපය ඇතුලත එම සාකච්ඡා සිදුවේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග හා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තීන්දුවක් ගන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2018 අපි දැක්කා ඔයාලාට තිබුන ප්‍රතිශතය දැන් එක වැඩිවෙලා කියලා හිතෙනවාද? නැහැ
තවමත් ඔයාලගේ පැවැත්ම තියෙන්නේ එජාප යේ අතේ.
මහින්ද ඇතුළු පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෝම හරි දිය කරන්නයි හදන්නේ ඒක මතක තියා ගන්න.
මිනිස්සු විකල්ප වලට යන්නේ ආකල්ප වල වැරද්දක් වුනාම.. මේගොල්ලෝ විකල්ප වලට යන්නේ තමන්ගේ බලය තහවුරු කරගන්න, බලය රැක ගන්න.. ඕගොල්ලෝ තවමත් මේ ගොල්ලන්ට ඡන්දෙ දෙන්නද බලන් ඉන්නේ ???
දැනටමත් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තකට හේත්තු කරලා තමයි තියන්නේ. තවත් හේත්තු කරන්න මොකුත් නැහැ.
ඔව්.ඔව්. ගෙදරම යන එකත් හොඳ විකල්පයක් තමා.
පක්ෂය සමග හිටපු අයට වැඩකරලා, පක්ෂයක් විදියට තනිවම ඉල්ලන එක, අවස්ථවාදී වී තිබූ ඡන්ද සංඛ්‍යාවත් අඩු නොකර ගන්න
හිටපු හොරුත් එක්ක එල්ලෙනවට වඩා විකල්පයක් නම් අපට පෙනෙන්නට නැත.
කව්රු මොනවා කිව්වත් ශ්රීලනිපය දියාරු වෙලා ඉවරයි. ඉදිරි පරම්පරාවට ශ්රීලනිපය දන්නෙත් නැතුව යයි.
මේ අයගේ මූණු දැකල දැන් තිත්තයි. මොවුන් කියලා තියෙන දේවල් දැන් කියවන්න හිතෙන්නේ නැහැ.
මෙන්න තවත් නඩුවක් පෝලිමට ...ආගමන විගමන නිලධාරීන්ට අනුව ද්විත්ව පුරවැසියකු සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියකු වීමට නම් පුරවැසි පනත යටතේ නිල වශයෙන් ඉල්ලුම් පත්‍රයක් යැවිය යුතුය. ගෝටාභය එවැනි ඉල්ලුම් පත්‍රයක් නොයවා තමන් ද්විත්ව පුරවැසියකු බව සඳහන් නොවන ගමන් බල පත්‍රයක් ලබා ගෙන තිබේ. ගෝඨාභයගේ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත හදිසි සේ සඳහන් කොට ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මැයි 07දා සවස තුන පසුවීය. සවස තුන පසුවී එවැනි ඉල්ලුම් පත්‍ර බාර ගනු ලැබෙන්නේ නැත. ඇඟිලි සළකුණු දිම සඳහා ගෝටාභය එම දෙපාර්ථමේන්තුවට පැමිණියේ ද නැත. එසේ තිබියදීත් නව හැදුනුම් පත පැය කිහිපයක් ඇතුළත දී නව ජාතික හැදුනුම් පත් අංකයක් ඇතිව නිකුත් කර තිබේ. හැඳුනුම්පත් අංකයක් ලෙහෙසියෙන් වෙනස් කර ගත නොහැක. මෙළෙස නව හැඳුනුම්පත් අංකයක් සඳහන් කිරීම නිසා ආගමන-විගමන දෙපාර්ථමෙන්තුවේ පරිගණකයන්ට ගෝටාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි බව දැන ගැනීමට නොහැකි විය. න්‍යායාත්මකව බලන විට මෙළෙස නව හැඳුනුම්පත් අංකයක් ඉදිරිපත් කිරීම ගෝටාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසියකු අනුගමනය කළ යුතු නිසි නීති ක්‍රියාදාමය මඟහැර යාමට උදව් වුවා විය හැක.