(අජන්ත කුමාර අගලකඩ)
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නැයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ .
මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඉකුත් බදාදා( 03) පැවැති ආණ්ඩු පක්ෂය මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී ඔවුන් මෙම ඉල්ලීම කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් මැයි මස නව වැනිදා මැති ඇමතිවරුන් රැසකගේ නිවාසවලට පහර දී ,හානි කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ හරියාකාරව සිදු නොවන බවට එම මන්ත්‍රීවරුන් එහිදී චෝදනා කර ඇතැයිද දැනගන්නට ඇත.
එබැවින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි එම මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂාව භාර ඇමතිවරයාගෙන් ඉල්ලීමක්කර ඇති බව එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පතිවරයා කටයුතු කල යුත්තේ රටේ පවතින නිතීය හා ව්‍යවස්ථාවට අනුකූලවයි. ඇමැතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පරිදි නොවේ. රටේ ඇතිවී තිබෙන ඉන්ධන ගැටළුව පාතාලය සමග ක්‍රියාත්මක මිනිමැරීම් සම්බන්ධව ප්‍ර්‍රමුඛත්වයක් ලබාදිමේදී ඇතැම් පරික්ෂණ ප්‍ර්‍රමාද විය හැක. එමනිසා පොලිස්පති ඉවත්කිරීම මේ අවස්ථාවේ කාලොචිත නොවේ..
පොහොට්ටුවෝ ඔක්කොම අනාගෙන හුඟක් කල්...! ඔය හොරුන්ට කිසිම ආරක්ෂාවක් නොදිය යුතුයි...!
පොලිසිය කියන්නේ හැමදාම රාජකාරියේ නියුතු බලකායක්... පොහොට්ටුවන් ගහලා එළවනකන් බලයේ ඉන්න ජාතියක් නෙවෙයි.
පොලීසිය කියන්නේ සදාකාලික රාජකාරියේ නියුතු බලකායක්... පොහොට්ටුවන් වගේ ගහලා එළවනකන් බලයේ ඉන්න ජාතියක් නෙවෙයි...!
මේ දේශපාළුවො එක්ක පොලිස්පතිට වගේම නීතිපතිටත් රාජකාරිය කරන්න අපහසුයි. උන් කරන හැම මගඩියම කවර් කරන එක ආණ්ඩු මාරුවූ දාට අතේ මාට්ටු වෙනවා. ඒ නිසා මේ නිලධාරීන්ට පැති ගන්න බැරි බව වැටහෙන්නෙ නැද්ද්‍ර?