(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාරවලින් නිවාස ඇතුලු දේපළ අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඒ නිවාස සාදාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
වැඩබලන ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරුන් සමග දුරකතනය ඔස්සේ වරින් වර පෞද්ගලිකවම අදහස් හුවමාරු කරගනිමින් ඒ බව දැනුම්දී ඇතැයි වාර්තා වේ.
එම දේපළ විනාශ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් තමාගේ පාලනය යටතේ රටේ ප්රචණ්ඩ ක්‍රියා වලට කිසිසේත්ම ඉඩ නැති බවත් වික්‍රමසිංහ මහතා ඒ මන්ත්‍රීවරුන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත.
විනාශයට පත්වූ මැති ඇමැතිවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනටමත් නියෝග කර ඇත.
දිවයින පුරා පසුගිය මැයි මස 9 වෙනිදා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියාවලින් ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසකගේ නිවාස ඇතුලු දේපළ විනාශයට පත්විය.
එම ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයයෝ රැසක් දැනටමත් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදුන් කිසිම කෙනෙකුගේ ගෙවල් සාදා දිය යුතු නැහැ.
කැන්වසින් එකක්වත්ද, නැත්නම් ජනතා බදුමුදලින් හදන්නද සූදානම? ඒ අය හම්බ කරගත්තු මුදල් ඇතිනේ මේවා හදාගන්න. වැඩබලන ජනාධිපතිගේ මුල්පෙළේ රාජකාරිද මේ..?
ඡන්දය වෙනුවෙන් අල්ලස් දීමක්...
ඡන්දය වෙනුවෙන් අල්ලස් දීමකි...
රන්ජන්ව එළියට දාලා ගෙවල් ටික හදලා දීලා තව වන්දිත් ගෙවලාම යයි වගේ. ඒවා කරපු අයගෙන් අය කරගත්තා නම් තමයි හොඳ...
මෙයා දඟලන දැඟලිල්ල බලන්නකෝ දැන්... ජනපති වෙනකන් අරවා දෙන්නම් මේවා දෙන්නම් කියලා බලේට ඇවිත් මෙයා කරපුවා අමතක කරන්න එපා.
වැයවන මුදල් ගෝල්ෆේස් එකෙන්ම එකතු කරන්න.
තමන්ගේ ගෙදරත් මහජන මුදලින් හදාගන්න කරන උප්පරවැට්ටියක් නේද? ගේ ගිනිගන්න කල් ඔහොම කතාවක් කියනවා ඇහුනේ නම් නැහැ.
රෝහල්වල බෙහෙත් නෑ... මේවා මතක් වෙන පාටක් නෑ. ඡන්ද හොයනවා වගේ...
ඉන්ධන ගැටළුව නිසා සමහර රෝහල් කටයුතු නතරවෙලා කියලා පුවතක් තියෙනවා. ඒ වගේ පොඩිදෙයක්වත් විසඳන්නේ නැතුව ඡන්ද කැන්වසින් යනවා.
‘‘පොහොට්ටුවේ ඡන්දෙ රනිල්ට‘‘ නියමයි ඔහොම යන්...!
ඕක කරන්නේ පොහොට්ටුවේ ඡන්ද ටික අරගන්න නේ. එහෙම නෙවෙයි. පුළුවන් නම් මෙහෙම කරන්න. FIFO ක්‍රමයට, මුලින් වුණු දේවල් වලට මුලින් උත්තර දීලා ඉන්න. 1. රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්න. මොකද අරගලය පටන් ගත්තේ ඒක නිසානේ 2. මැයි 9 වෙනිදා අරගලයට ගැහුවේ මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ඇතුළු පොහොට්ටුවේ මැර නඩයින්ගේ හෙන්චයියන්. ඒ ගොල්ලෝ හැමෝටම දඬුවම් දෙන්නේ දෙවැනි පියවර විදියට. 3. ඊට පස්සේ බලන්න ගෙවල් ගිනිතියපු එක. මොකද ඒක තමයි අන්තිමට වුනේ. ඒක සිද්ද වුනේ උඩ කියපු කාරණා දෙක නිසා. ඉහත කාරණා දෙකම ඉවර වෙලා 3 වෙනි එක ගැන සලකා බලන්න. නැතුව අන්තිම එක මුලින් කරන්න ගිහින් නාගන්න එපා. මම ඕනේ ඔට්ටුවක් අල්ලනවා. ඔබතුමා ඔය යන්න හදන්නේ සාර්ථක ගමනක් නෙවෙයි. මිනිස්සු තේරුම් ගැනීම, සමාජය තේරුම් ගැනීම අතින් නම් බොහොම ලාමකයි. ඕක හරියන්නේ නෑ. මේ 2022. හිතුවක්කාර කමෙන්, උද්දච්ඡ කමෙන්, බලපුළුවන්කාර කමෙන් රටක් පාලනය කරන්න හිතනවා නම් ඔබට වැරදිලා. සමාජය ඉස්සරට වඩා බොහොම වෙනස්. ඒක නිසානේ මිනිස්සු කියන්නේ තරුණ අයට අවස්ථාව දීලා ඔබතුමාලට පැත්තකට වෙන්න කියලා....
මොකද ඔබතුමාලාට දැන් 70 ත් පැනලා. ශරීරය දුර්වලයි. මොළය වැඩ කරනවා අඩුයි. ඔබතුමා දැන් උත්සාහ කරන්නේ කොහොමහරි දිගටම ජනපති තනතුරේ ඉන්නනේ. මොකද ජීවිතේට ජනතා ඡන්දෙකින් එන්න බැරි නිසා එහෙමහරි වුණොත් ඉතින් හොඳයිනේ නේද. කමක් නෑ. හැබැයි පරෙස්සමෙන්. මොකද රාජපක්ෂලා ඔබතුමාව දැම්මේ එයාලාට බේරෙන්න මිසක් ඔබට ආදරේට නෙවෙයිනේ. නිකමට හිතන්න මේවා වුනේ නැත්නම්, ඒ කියන්නේ රාජපක්ෂලාට හොරකම් කරකර හරි අවුරුදු පහ ඉන්න ලැබුණානම්, මේ අරගලය වුනේ නැත්නම්, ඔබතුමා නිකම්ම නිකම් පින් මන්ත්‍රී නේද? මාමගේ ඡන්ද ක්‍රමේට පින් සිද්දවෙන්න බෝනස් ආසනයක් හම්බ වුණෙත් නැත්නම් ඔබතුමා තමයි රටේ දැවැන්තම තනි පක්ෂය බිමටම සමතලා කරලා දාපු පුද්ගලයා. ඒකෙන් ම පේනවා ඔබතුමාගේ ප්‍රතිපත්ති රටට ගැලපෙන්නේ නැති බව. මිනිස්සු පිළිගන්නේ නැති බව. ඔබතුමාට රටට යමක් කරලා නමක් තියාගෙන, පහුගිය වැරදි හදාගෙන අයින් වෙන්න ඕනෙනම් මම පොඩි යෝජනා කීපයක් කරන්නම්...
මේ රනිල් ඔය දඟලන්නේ පොහොට්ටුවේ ඡන්ද ඩැහැගන්න. ජනාධිපති වුණොත් තව අවුරුදු දෙකක් ඉන්නවා. මෙයයි, රාජපක්සලායි එක වල්ලේ කට්ටිය. මෙයාවත් හොඳින් හෝ නරකින් යවන්න ඕනෑ...
මේවාට තමා කියන්නේ වැඩ නැතුවට ඉල්ලගෙන කෑමක් කියලා. මෙච්චර කෙලවෙච්චි රටේ දැන් කොටි සිය ගණනක් ඕකට ඉවරයි. ජෙප්පෝ, පෙරේට්ටෝ එකතුවෙලා රට ගිනිතියද්දි අපි ඕක කිව්වා. මහා ලොකු දෙයක් කළා වගේ හනුමන්තලා ටික උඩගෙඩි දුන්නා. හදලා නොදුන්නොත් මන්ත්රීලාට පුළුවන් මානව හිමිකම් ඉල්ලලා ජිනීවා යන්න. මේවා පුච්චපු, මංකොල්ලකාපු අයගෙන් තමයි අයකරගන්න ඕනෑ දැන්... රාජපක්ෂ හොර නඩේත් එකයි, ජෙප්පෝ පෙරේට්ටෝත් එකයි. එකම කාසියේ දෙපැත්ත...
මේ රටේ දූෂිත දේශපාලකයන් විසින් දශක ගණනක් තිස්සේ විවිධ දේශපාලන ගේම් ගසමින් සහනාධාර හා වරදාන මත යැපෙන දේශපාලන වහල් සමාජයක් ගොඩනගමින් අසීමිත ලෙස මෙරට මහජන මුදල් සහ දේපල සූරාකමින් ගෙනගිය අදූරදර්ශී දේශපාලන සංස්කෘතියට එරෙහිව මෙරට පොදුජන අරගලය විසින් ලේ, දහඩිය, ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් මේ අවස්ථාව සහ පන්නරය රැකගනිමින් අප රට ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් දියුණු රාජ්‍යයක් බිහිකිරීමේ ප්‍රධාන හැරවුම් ලක්ෂය බවට පත්කර ගැනීම අප සියලු දෙනාගේම වගකීමකි. මන්ද මේ මජර දේශපාලන නිසා අප ලද පීඩා මතුපරපුරට උරුම නොකිරීම ඔබටත් මටත් මහහැරිය නොහැකි වගකීමක් වන බැවිනි..!
තාමත් මේ දේශපාලකයන් දූෂණයෙන් තොර, නීතියේ ආධිපත්‍ය සුරකින, ආර්ථික වශයෙන් දියුණු සුර පුරයක් වගේ රටක් නිර්මාණය කරාවි කියලා හිතන අය තාම ඉන්නවනේ ඉතින්. මේ වගේ අමන හැත්ත දන්නේ අනිත් මිනිසුන් ලේ, දහඩිය, ජීවිත කැපකර අරගල කරල දිනාගත්තු දේවල් විලි ලැජ්ජාවක් නැතිව භුක්ති විඳින ගමන් අරගල කරන් මිනිසුන්ටත් බැන බැන දූෂිත දේශපාලකයින්ට වහල්කම් කර කර කියන උන් කියන ඕනෑම කෙප්පයක් ඉහ මුදුනින් පිළිඅරගෙන පුළුවන් නම් තාන්න මාන්න අරගෙන පෞද්ගලික ඕනෑ එපාකම් ඉටු කරගන්න...
මේ අල්ලස් දීමක්... තාවකාලික ජනාධිපතිට මෙහෙම තීරණ ගන්න කවුද අවසර දුන්නේ..? රටේ සම්පත් එක එක්කෙනාට ඕනෙ විදිහට බෙදාගන්න බෑ. මෙහෙම තමයි ලංකාව බංකොලොත් වුණේ..
රාජ්‍ය මුදල් භාවිතය පිළිබඳ පනත් කෙටුම්පත් වහාම සංශෝධනය කළ යුතු වේ.. නිසි විගණනයකින් තොරව කිසිම ගෙවීමක් නොකළයුතු ලෙස වෙනස්වීම යුගයේ මූලික අවශ්‍යතාවයක් විය යුතුය.
පිටරට අපි යවන සල්ලි නවත්තන්න නැවතත් කාලය ඇවිල්ලා වගේ. අපි ලංකාවට යවන ඩොලර් වලින් මෙයා මන්ත්රීලාට ගෙවල් හදලා දෙන්නයි හදන්නේ. මහජන මුදල් හොරා කාපු අයගේ ගෙවල් හදන්න අපේ ඩොලර් යවන්න අපි සූදානම් නැහැ..!
අර ගෑස්වලින් හානි වූ ගෙවල් ටිකක් හදලා හිටියා නම් ඔයිට වැඩිය හොඳයි නේද?
ඊට වඩා නරකද දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් නිසා පාරට වැටුණු ජනතාව ගැන හිතුවා නම්...!
ඒ ගෙවල් හැදුවේ හොරකම් කරපු රටේ සල්ලිවලින්. සමහර අයට ගෙවල් 5ට වඩා තිබ්බා. ඒවා සෑදිය යුතු වේ.
ළමයින්ට කිරිපිටි නෑ.. ඒවාගැන හිත උණු නොවන නායකයෙක්...
ළඟ එන ඡන්දයට ගුණ්ඩුවක්... ගෙදරත් හදාගන්න කරන උප්පරවැට්ටියක්
රනිල් කරන්නේ බලේ ඉන්න ඡන්ද ගුණ්ඩුවක් මේ වෙලාවේ ඉස්සෙල්ලාම කරන්න ඕනෑ... රට යථා තත්වෙට ගේන එකයි. මේ ගොයියා මිලියන 22ක ප්‍රශ්න පැත්තකට දාලා 80කගේ ප්‍රශ්න පස්සේ... ඔය 80න් 99% කොමිස් ගහලා, රාජ්‍ය ධනය හොරාකාලා හදපු ගෙවල්...
ගෑස් සිලින්ඩර පුපුරලා හානි වෙච්ච, ජීවිත නැති වෙච්ච අයට වන්දි දෙන්න ඊට කළින්...
හදන්න එපා... ඔය කට්ටිය පගාකෙලලා හදපු ගෙවල්.. ඔය මාලිගා හදන්න සල්ලි හොයාගත්තේ කොහොමද කියලා හොයන්න. නැත්නම් ඕවා නැවතත් ගිනිබත් වේවි..!