
(රෝහණ සමරවීර)
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි ලීටර් තිස් තුන් දහස් හත්සියයක් පෙරීමේ උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව රක්වාන කියයි.
එම සැකකරුවන් ගොඩකවෙල මස්ඉමුල පංසල්දෙනිය හා රක්වාන දික්යාය යන යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බවත් එම සැකකරුවන් 38 හා 46 යන වයස් වල පසුවන්නෝ වෙති.
එම සැකකරුවන් සමග පොලිස් බාරයට ගත් පෙරීමේ උපකරණ අතර විශාල ප්‍රමාණයේ ගෑස් ලිප් දෙකක්. ගෝඩා පිරවූ ප්ලාස්ටික් හා යකඩ බැරැල් පහක්ත, තඹ දගර දෙකක් ඇති අතර රක්වාන පොලිසියට පෞද්ගලික ඔත්තුකරුවකු ලබාදුන් තොරතුරකට අනුව මෙහෙයුම සිදු කළ බව පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු කඩපු, ට්‍රාන්ස්පොමර් ගිනි තියපු, මිනී මරපු, ගොවි ජන සේවා මධ්‍යස්ථාන වනසපු, තුන්ඩු කෑල්ලෙන් රට කඩ වහපු, බොරු ඉන්දීය විරෝධයක් මවලා සැලකිය යුතු පිරිසක් මරා දාපු, බොරු බේගල් ඇද බාපු, රටට විනාසයම අත් කර දුන්, මුසාවාද කැප්ටන්ලා කීප දෙනෙක් රටක් කරන එකේ, කසිප්පු පෙරාපු කීප දෙනෙක් කියන්නේ සුළු දෙයක්. (නමුත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න).
අපි බලයට ආවාම මේ අයගේ ස්වයං රැකියාවලට සහයෝගය උපරිමව දෙනවා.
එදා, ඔය පොහොට්ටුවෙ නා-යකා යයි , ස්වෙච්ඡාවෙන් හදුන්වා ගන්නා, අප්පච්චි හෙවත් හැරමිටි නාකි මයිනා ගෙ කාලයෙදී "මතට තිතක්" කියා අටමගුලක් අටවාගෙන රට පුරා, කොටි ගනන් සල්ලි කන්දරාවක් වියදම් කරමින් සංදර්ශන පැවත්වූ එම පො - හොට්ටුවෙ ගංකබරයන්ම මාර ඩීල් කාර්යන් වෙලා : ළග එන චන්ද වලටත් සල්ලි ඕන නෙ ....
පෙරාපු එකක් කමෙන්ට් කරලාද කොහේද? නැත්නම් මැක්ස් ගහපු කෙනෙක්...!
කසිප්පු ව්‍යාපාරයට ජය වේවා!
උඩ ඉඳන් පහළට පොහොට්ටුව නම් අපරාධ කාරයෝ, අපරාධකාරයෝ නම් පොහොට්ටුව. පොහොට්ටුවට ජයවේවා!
අතීතය කනපිට හරවන්න උත්සාහ කරන්න එපා. ජනමතයට අගෞරව කිරීම බරපතල වරදක්. බටලන්ද වධකාගාර ගැන අහල ඇතිනේ . වගකීමෙන් අදහස් ප්‍රකාශ කරන්න උත්සාහ කරන්න
අපේ පැත්තෙත් පොහොට්ටුවෙ එකෙක් හිටිය කසිප්පු පෙරන. (කෝච්චියෙ චේන් කඩපු එකෙක්ගෙ අනුග්‍රහයෙන් කලේ) අරගලය ට පස්සෙ බය වෙලා ගෙවල් දොරවල් ඔක්කොම රක්ෂණය කරල මිනිහ ඩුබායි පැන්නා.
කසිප්පු ජොනියාද…?
පොහොට්ටු පක්ෂෙට ගෑවුණු අයෙක් වුණත් අංක 01 අපරාධ කාරයෙක්..., මේ රට දූක්ඛිත තත්වයට පත්කරපු රාජපක්ෂ හැතිකරේ රටටම සාපයක්...!