
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සහ විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ මහතා
( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2023 වසර සඳහා ඉදිරිපත් කරන අයවැය කෙටුම්පත වැඩි ජන්ද 7 කින් පරාජයට පත් විය.
කුරුණෑගල මහ නගර සභාවේ රැස්වීම් ශාලාවේදී අද පැවති විශේෂ මහ සභා රැස්වීමකදි කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේය.
මෙය කුරුණෑගල මහ නගර සභාවේ පාලන කාලය අවසන් වීමට පෙර පොදුජන පෙරමුණේ පාලනය යටතේ ඉදිරිපත් කරන ලද අවසන් අයවැය කෙටුම්පත වීමද විශේෂත්වයකි.
අයවැයට පක්ෂව ජන්ද 7 ක්ද විපක්ෂව ජන්ද 14 ක්ද ලැබීම හේතුවෙන් අයවැය පරාජයට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මූලික පදනම පමණයි
ඔන්න පෙර නිමිති
ඒක ප්‍රශ්නයක් කරන්න එපා එයාගෙ මයිලකටවත් කාටවත් හානියක් කරන්න අහවලා ඉඩක් දෙන්නෙ නැහැ.. වයිර ගොනාආආආආ දණගහලාලාලා අදින විට මයිල ගොනාආආආ පැන්නයි පස්සට හොරටඅඅ වෙන එකක් නැහැ නේද
ජොනීලා මොන කතන්දරයක් කිව්වත්, මින් ඉදිරියට පොහොට්ටුවට ඇපත් නැතිවෙනවා. ඒ පෙරනිමිති තමයි ඔය පේන්නේ... මෙදාපාර බිමේ වැඩි වාසි තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ ජාතික ජන බලවේගයට (NPP). මෙදාපාර ජනතාව එක්ක බලයට ගෙන ආ යුත්තේත් ජාතික ජන බලවේගයයි (NPP)...