IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි

(අංජුල මහික වීරරත්න සහ ෂේන් සෙනෙවිරත්න)

තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බවද රාජපක්ෂ  කීය.

 තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද කීවේය. අපි වැඩපිළිවෙළක් හා සැලැස්මක් එක්ක දේශපාලනය කරන අය යි. ආවට ගියාට අපි තීන්දු ගන්නේ නැහැ. රටේ අනාගතයත්  පක්ෂයේ ප්‍රතිපත්ති ගැනත් හිතලා බලලා තමයි තීරණ ගන්නේ. අපේ පක්ෂය ගොඩ නැගුනේ යම් අරමුණක් ඇතිවයි.

කාලානුරූපීව මේ රටේ පක්ෂ වල ප්‍රතිපත්ති නවීකරණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් නවීකරණය වෙන්න උත්සහ කරනවා. අනුර කුමාර දිසානායක ඉන්දියාවට කැනඩානට ඇමරිකාවට ගියා. ඒ අය ඉන්දීය ව්‍යාප්ත වාදයට විරුද්ධ සටන් එදා මොනතරම් සටන් කළාද ?. ඔවුන් අද යම් වෙනසකට මුල පුරා තියෙනවා. ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින්  ගැලපෙන හොඳම විකල්පය ජනතාව තෝරා ගනීවි.



අදහස් (35)

පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි

Dasa P Thursday, 11 April 2024 05:00 PM

"ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින් ගැලපෙන හොඳම විකල්පය ජනතාව තෝරා ගනීවි"

:       0       0

saman Thursday, 11 April 2024 05:22 PM

ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින් ගැලපෙන හොඳම විකල්පය රටට දේශපාලන වෙනසක් වෙනුවෙන් ජාතිවාද ආගම්වාදී පක්ෂග්‍රාහී නොවන අපේක්ෂකයකු ජනතාව තෝරා ගනීවි.

:       0       0

චන්දිම Thursday, 11 April 2024 07:03 PM

අනේ බොල, අනුර ඔය කියන රටවල් වලට ගියා වගේද මේ කරගන්න වෙලා තියෙන වින්නැහිය. මහලොකුවට රනිල්ට වෙලාවකට විරුද්ධව වගේ එකක් කියල දැන් හිනා වේවි මෙහෙම කියනවා. ලැජ්ජාවක් කියලා එකක් දැන් නම් ගෑවිලාවත් නැහැ වගෙයි පෙන්නේ. නුඹලා වගේ උන්මත්තකයන්ට චන්දෙ දුන්නොත් ඒ උනුත් උන්මත්තකයන්ම තමා.

:       0       0

නිමල් Thursday, 11 April 2024 07:30 PM

ඔව් ඔව්, ජෙප්පොයි ඔයාලගෙයි ලොකු වෙනසක් නැහැ. දෙගොල්ලම රට වැනසුවා. ඔයාලනම් බලය තියාගෙන. ජෙප්පො වනචාරී විදියට.

:       0       0

විපරමා Thursday, 11 April 2024 08:50 PM

රට වළපල්ලට ඇදලා දාපු දූෂිතයෝ. ඔය එකෙක්ගෙන්වත් වැඩක් වෙන එකක් නැහැ .

:       0       0

බුද්ධික Thursday, 11 April 2024 09:24 PM

ජනාධිපති රනිල් රට අගාධයකට වැටුණු වෙලාවේ භාර ගත්තා තිබුණා ප්‍රශ්න යම් තරමින් සමනය කර සහනයක් සලසා තියෙනවා. ඒත් ඊළඟ ජනාධිපතිවරණය වෙලාවේ පොහොට්ටුව යටතේ රනිල් ආවොත් (පක්ෂයේ මහ ලේකම් කියූ දේශපාලන පලිගැනීම් වලට ලක්වූ පාක්ෂිකයින්ට සහන සැලසීම කරන්න බැරිවේවි) පාක්ෂිකයින්ගේ පවුල්වල විනාශය සිදුකළ මාලිමා සරණං ගඡ්චාමි කියන්නම වෙනවා. මට නම් පොහොට්ටුවේ අය මාලිමා අයටත් අන්තයි කියන්න කරුණු කාරණා බොහෝමයක් තියෙනවා.

:       0       0

Don perea Thursday, 11 April 2024 09:28 PM

ලංකාවේ කකුල් දෙකේ ගවයෝ ඉන්නකන් හොඳයි මේ ගොල්ලන්ට.

:       0       0

sanath Thursday, 11 April 2024 10:21 PM

දැන් ඉතින් වෙන කරන්ට දෙයක් ඇත්තෙම නැහැනේ. ඉතින් කබරගොයාට තලගොයා කියමු.

:       0       0

Siri Thursday, 11 April 2024 11:05 PM

අහෝ.. අහෝ... ඒතරමටම පල්ලම් බැහැලද ? "මහ දවල් මහ බැංකුව " අමතක උන හැටියක් නේද අප්පා ? ඕකනේ කියන්නේ කන්න ඕනෑ උනහම කබරගොයත් නිකන් "චිනුක් සැමන් කෑල්ලක්" වගේ දිස්නෙට රහට පේනවා කියල.

:       0       0

සංඛ Friday, 12 April 2024 12:22 AM

තවත් ඉතින් මිනිස්සුන්ව අන්දවන්න තමයි හදන්නේ, නෙලින් කියන්නේ නෑ මුට්ටිය දාලා බලනවා ,,,,

:       0       0

Sisira Kumara Friday, 12 April 2024 04:07 AM

බයිලා ...

:       0       0

Rajun de Silva Friday, 12 April 2024 04:58 AM

මොවුන් කරලා තියෙන දේවල් මදිවට තව කටමැතත් දොඩවනවා....

:       0       0

Dewa Friday, 12 April 2024 06:51 AM

ඔයාලගේ බංකොළොත් බව පේනවා...! ස්තුතියි...!

:       0       0

Perera Friday, 12 April 2024 06:54 AM

මෙයා දැන් කිව්වට ඕක මුළු ලංකාවම දැනගෙන හිටපු කාරණයක්නේ...!

:       0       0

sachith Friday, 12 April 2024 07:37 AM

මේවා දැකලත් තාම පොහොට්ටුවට කඩේ යනවා නම් ඉතින් ...!

:       0       0

Loku Atha Friday, 12 April 2024 07:41 AM

තාත්තගේ අතේ හුරතල් වෙවී මොන දේශපාලනේද?. ඉස්සෙල්ලාම තනියම නීති විභාගේ ලියලා එන්න. ඊට පස්සේ රස්සාවක් කරලා තනියම හම්බ කරලා පෙන්නන්න. තනියම හිටගෙන ඉන්න ඉස්සෙල්ලා...!

:       0       0

මල් මාමා Friday, 12 April 2024 09:22 AM

අනේ කිරි පුතේ උඹට තේරෙන හරිය කිතුලට මේ නැග්ගා වාගේ වැඩිය කතා කරන්න එපා.

:       0       0

Muthu Friday, 12 April 2024 10:53 AM

මේ වගේ සතුටින් හිනා වෙලා ඉන්න මිනිස්සු ඉන්න රටක ජීවත් වීමත් වාසනාවක්.....

:       0       0

Rasika Friday, 12 April 2024 11:27 AM

ඒ කතාවේ තේරුම තමා, කිසිසේත්ම රනිල් නොවේ කියන එක

:       0       0

පිටිගල මිලානෝ Friday, 12 April 2024 12:28 PM

මේ අදබාල ළමයා දන්න ඉන්දීය ව්‍යාප්තවාදය…. වැලිකඩ වන්දනාව යන්න බලාගෙන ඉන්න බස් එක එනකල්….

:       0       0

Dharmatileke Friday, 12 April 2024 01:31 PM

පොහොට්ටු සරණාගතයෝ

:       0       0

Nimal Friday, 12 April 2024 01:55 PM

පොහොට්ටුවේ අයියලාගේ විනාශය අත ළඟ

:       0       0

චන්දන Friday, 12 April 2024 02:36 PM

ඔව් අපිටත් දින තේරෙනව මොකක්ද තත්ත්වය කියල .... තව කෑලි හතරක් පහක් බලා ගන්න පුළුවන් වේවි .

:       0       0

Buddika Friday, 12 April 2024 03:31 PM

රනිල් ඉල්ලුවත්, රාජපක්ෂ කෙනෙක් ඉල්ලුවත් මිනිස්සු නම් ඡන්දේ දෙන්නේ නෑ. එජාප, පොහොට්ටු දෙකටම මිනිස්සුනම් ඡන්දේ දෙන්නේ නෑ...

:       1       0

Ranjith Friday, 12 April 2024 03:44 PM

කැළණි පන්සලට යන්නේ කවදාද, නයි නටවන්න? නයි සෙල්ලමට රැවටුණු රටේ ජනතාව මේ පාර " නියම දේශපාලනය " වටහාගෙන තියෙනවා. ඒ අයත් මේ පාර ජාතික ජනබලවේගයට !!! මාලිමාවට ජයවේවා !!!

:       1       0

Asanga Friday, 12 April 2024 03:46 PM

ඔබලා ඔක්කොම එකයි කියලා අපි දැනගෙන හුඟක් කල්. අපි ඒකට ඉදිරියේදී සලකන්න බලන් ඉන්නේ...

:       0       0

Nilantha Friday, 12 April 2024 04:03 PM

අනේ යන්න... ! 

:       0       1

හිනාමල් Friday, 12 April 2024 05:18 PM

මෙයාගේ කොන්ත්‍රාත් එක සමයං ගෙදර නියමෙට කර ගහලා වගේ...!

:       0       0

අරවින්ද මොනරවිල Friday, 12 April 2024 05:25 PM

කවුරු වුණත්කමක් නැහැ... පොහොට්ටුවෙන් ආවොත් කුල්ල කූජීත වෙන්න පරද්දවලා අපි ගෙදර යවන්නම්...!

:       0       1

Ruchitha De Silva Friday, 12 April 2024 06:11 PM

අනේ යන්න...!

:       0       1

Rata Perata Friday, 12 April 2024 08:20 PM

ව්‍යාප්තවාදයට විරුද්ධ වෙන එකයි, රටක් එක්ක සාකච්ඡා කරන එකයි වෙනසවත් දන්නේ නැති කෙනෙක් මේ...

:       0       0

විදුර Friday, 12 April 2024 09:50 PM

ඔබලාගේ වැදිබණ අපිට එපා...

:       0       1

chandima Friday, 12 April 2024 11:30 PM

මිනිස්සුන්ගේ ආශිර්වාදය තමයි නැත්තේ?

:       0       2

බණ්ඩාරත්නායක Sunday, 14 April 2024 12:24 AM

ඔබතුමාලා අදහස් ප්‍රකාශ නොකරන තරමට මිනිස්සුන්ට සැනසීමක්. ඔබතුමාලා ඇතුළු පොහොට්ටුව දැන් ලංකා දේශපාලන ඉතිහාසයේ විතරයි තියෙන්නේ. ඔබතුමාලා ලංකාවේ මිනිස්සු සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඔබතුමාලා මේ රටට, ජනතාවට කරපු අපරාධයට වෙන රටක නම් පොහොට්ටුවේ හැමෝම හා උපදේශකයෝ, අපරාධයට සම්බන්ධ හැමෝගෙම ප්‍රජා අයිතියත් අහෝසි කරලා ජීවිතන්තය දක්වා හිරේ ඇත්තමයි. නීතියෙනුත් ප්‍රකාශ කෙරුවනේ වැරැදිකරුවෝ කියලා... තව මොනවද මේ කියවන්නේ. සද්ද නොකර ගෙදරට වෙලා වෙන ජොබ් එකක් හොයාගන්න. උගත්, බුද්ධිමත්, අවංක මිනිස්සු මේ රටේ ඕනේ තරම් ඉන්නවා මේ රට හදලා ගන්න. ඒවාට බාධා කරන්නේ නැතුව පාඩුවේ ඉන්න. හාල්වලට, පිටිවලට ඡන්දේ දෙන හරක් දැන් මේ ලංකාවේ නෑ. මෙත් සිතින් කීවේ තමන්ට නොතේරෙන ඇත්ත. තෙරුවන් සරණයි.

:       0       3

Sumanawathi Sunday, 14 April 2024 07:44 PM

හපොයි දෙයියනේ පොහොට්ටුවට ගිය කලක්

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පුදුකුඩිඉරිප්පුවට ඊශ්‍රායල් රැකියා
2024 මැයි මස 03 52 0

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේ දී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක


නිලධාරී හිඟයෙන් පුරාවිද්‍යාව කොට උඩ
2024 මැයි මස 03 26 0

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1576 දෙනකුගේ උග්‍ර හිඟයක් පවතින බව වාර්තාවේ.


පදවාගෙන යමින් සිටි ත්‍රිරෝද රියක් හිටි හැටියේ ගිනි ගනී
2024 මැයි මස 03 90 0

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් නානුඔය, තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අද (03) ගිනි ගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්ව ගොස් ඇ


දමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
2024 මැයි මස 03 119 0

නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මානව හිමිකම් කඩවූයේ යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (3) පැම


බස් බස් ගැටී 23ක් රෝහලේ
2024 මැයි මස 03 89 0

ලංගම බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් අම්පාර ඊ.සී.සී මාර්ග බාධකය අසලදී මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 23 දෙනෙකු රෝහල් ගත කර තිබේ.


දැරියට පහර දී සමාජ මාධ්‍යට මුදාහල පියා අත්අඩංගුවට
2024 මැයි මස 03 327 0

බිරිඳ විදේශගත වු පසු තම සිවි හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දී එය විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරි බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 466 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1895 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1680 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site