IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොහොට්ටු අපේක්ෂක ඡන්ද කටේදී

(සුජිත් හේවාජුලිගේ )

බොහෝ දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා දැනටමත් නම් කර ඇතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා එම මැතිවරණය ආසන්නයේ නම් කිරීමට  තීරණය කර ඇත.

ජනාධිපති අපේක්ෂකයා කල් තියා නම් කර මැතිවරණ වැඩපිළිවෙල ආරම්භ කළහොත් එම වැඩපිළිවෙළ ගෙනයාමට විශාල මුදලක් වැය වන බව පෙනී ගොස් ඇතැයි  එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

එලෙස කටයුතු කිරීමට වෙනත් පක්ෂවලට මෙන් තම පක්ෂයට මුදල් නැතැයිද ඔහු සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයට යෝජනා ගණනාවක්  දැනටමත්  ලැබී ඇතැයි සඳහන් කළ කාරියවසම් මහතා එම යෝජනා මේ දිනවල සලකා බලාගෙන යන බවද ප්‍රකාශ කළේය.



අදහස් (5)

පොහොට්ටු අපේක්ෂක ඡන්ද කටේදී

විපරමා Sunday, 11 February 2024 04:32 PM

වැඩිහරියක් ඉන්නේ රටම කාපු හොර දූෂිතයෝ. හරිහමන් එකෙක් හොයාගන්න බැරුව ඇති. ජනතාව පොහොට්ටුව ප්‍රතික්ෂේප කරලා හමාරයි..

:       0       0

නිහාල් Monday, 12 February 2024 05:48 AM

පොල් පිත්තක් තමයි මේ පාර නම් දාන්න වෙන්නේ

:       0       1

Nadadawa withanage sisira kumara Monday, 12 February 2024 06:23 AM

කවුරු දැම්මත් ඉතින් ප්‍රතිඵලය එකයි...!

:       0       2

Pouottuwa Monday, 12 February 2024 11:03 AM

මහලොකු පක්ෂයක් කියලා මොරදෙන මහත්තයෝ මැතිවරණ කටේදී අපේක්ෂක දෙනවා කියන්නේ ජනාධිපතිවරණය සඳහා කිසිම සුදුස්සෙක් ඔයැයිගේ පක්ෂයේ නැති නිසා කියලා අපිට හිතෙනවා මහලොකුවට 2019 සුදුසුම කෙනා කියලා ගෙනා කෙනාටත් අන්තම කෙනෙක් තමයි දැන් ඉතිරිවෙලා ඇත්තේ නේද?

:       0       1

ranuka Monday, 12 February 2024 12:31 PM

බංකොළොත් දේශපාලන පක්ෂයක් වෙලා තියෙන්නේ... ඒකයි හේතුව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site