
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතුවලදී වැඩිම දායකත්වය දැක්වූ මන්ත්‍රීවරුන් පස්දෙනා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විමර්ශන කරන මන්ත්‍රී ඩොට් එල්.කේ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මේ අනුව පසුගිය පාර්ලිමේන්තුවේදී වැඩිම දායකත්වය දැක්වූ මන්ත්‍රීවරයා වන්නේ විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. ඔහු පාර්ලිමේන්තුවේ සභා වාර 383කට සහභාගිවී ඇත.
ඊට පසු පාර්ලිමේන්තුවේ කටයුතුවලට වැඩිම දායකත්වය දක්වා ඇත්තේ හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාය. ඔහු සහභාගිවී ඇති සභා වාර සංඛ්‍යාව 358කි.
ඊට පසු වැඩිම සභා වාර සංඛ්‍යාවකට සහභාගි වී ඇත්තේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වන අතර ඔහු සහභාගි වී ඇති සභා වාර සංඛ්‍යාව 344කි. ඔහු වැඩිම දායකත්වය දක්වා ඇත්තේ ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍ර සම්බන්ධයෙනි.
මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තු සභා වාර 307කට සහභාගිවී සිවු වැනි තැනට වැඩිම දායකත්වය දක්වා ඇත.
පස්වැනි තැනට වැඩිම දායකත්වය දක්වා ඇත්තේ හිටපු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාය.
ඔහු සහභාගි වී ඇති සභා වාර සංඛ්‍යාව 292කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට වාචාලය වගේ කියවනවා. අවුරුදු ගානක විපක්ෂේ හිටිය කිසිම වැඩක් වුනේ නැහැ. රටට වැඩක් වුනෙත් නැහැ. කතා කරපු නායකයට වැඩක් වුනෙත් නැහැ. මේ සැරේ ගෙදර කිරි කෝඩු දූ ඩින්ග එවනවා.
ඔය ගමන්ම අඩුම දායකත්වය දුන්නු දහදෙනා කවුද කිව්වොත් ඊළඟ වතාවේ අපේක්ෂක හැටියට ඉදිරිපත් වුණාම ජනතාවට පුළුවන් වේවි ඔහු හෝ ඇයට මනාපය නොදී ගෙදරට කොටු කරන්න. ඇත්තටම එහෙම තමන්ට ලැබුණු වගකීම ඉටු නොකරන අයට අපේක්ෂක කෙනෙක් හැටියට ඉදිරිපත් වීම නුසුදුසු කමක් හැටියට සලකනවා නම් රටට සේවයක් වේවි...!
පන්තියක කිසිම වැඩක් කරන්නේ නැති, කරදරකාරී ළමයත් හැමදාම පාසල් එනවා. ඒත් හැමදාම ආවා කියලා කිසිම වැඩක් වුණේ නැහැ.. ඉස්කෝලෙට අන්තිමට...!
ඒ හා සමානව, වැඩිම චෝදනා ගණනකට මුහුණ දෙන පුද්ගලයා.
හොරාකන්නත් වැඩිම දායකත්වයක් දක්වපු කෙනෙක්. මෙයාගේ මෑත ඉතිහාසයේ හොඳම කාලය, යහපාලන රජයේ ඇමතිකම්.
හොරා කෑමේ දායකත්වය.
එතකොට හිටපු ඔක්කොටම දෙස් දෙවොල් තියපු අපි විතරයි හරියට කරන්නේ කියලා කියපු වර්තමාන ජනාධිපති ඇතුළු අනිත් අය කවුරුවත් මේකේ නෑනේ.
කාලකණ්ණි ආණ්ඩුව ඉවරයි... පොහොට්ටුවේ අයනම් ඇවිල්ලාම නැතිව ඇති...