(ඩී. කේ.රත්න සහ විජේරත්න රත්නායක )
පස්සර ජුම්මා මුස්ලිම් පල්ලිය පිටුපස නා පීල්ල පිහිටි රක්ෂිතයේ තිබී ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගත් බව පොලීසිය පවසයි.
මෙම පාර්සලයේ ජෙලිග්නයිට් කූරු දෙකක්, ඩෙටනේටර් දෙකක්, අඩි 20ක් දිග සේවා නූල්, ඇමෝනියා ග්‍රෑම් 250 ක් සහ අඩි දෙකක් බැගින් වූ වයර් කැබැලි දෙකක්ද තිබී ඇත.
පොලිසිය ලද නිර්නාමික දුරකතන පණිවිඩයකට අනුව පස්සර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇත.
මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර පස්සර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd