
(බී.ජී. චතුරංග)
හිදෝගම පොලිස් වසමේ, හල්මිල්ල කුලම ප්‍රදේශයේදී වන අලියෙකුට ඊයේ (23) වෙඩි තබා ඝාතනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව තිරප්පනය වනජීවී කාර්යාලය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ , අංක 538, පලයාකුලම, හල්මිල්ලකුලම, තුරුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වන අලි රංචුවක් සැකකරුගේ බෝග වගාවන් ඊයේ (23) අලුයම 1.30ට පමණ පැමිණි විනාශ කරමින් සිටියදී එම වන ලි රංචුව පලවා හැරීමට උත්සාහ කිරීමේදී එක් වන අලියකු සැකකරු පසුපස ලුහුබැඳ පැමිණ ඇති බව වන ජීවී අංශය පවසයි.
මෙම අවස්ථාවේදී සැකකරු තම අත තිබූ බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියෙන් වෙඩි තබා එම වන අලියා ඝාතනය කර ඇති බව වන ජීවී අංශ සදහන් කලේය.
වෙඩි වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20 පමණ වන උස අඩි 7යි, අඟල් 3ක පමණ පිරිමි සතෙකි.
තිරප්පනය වනජීවී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම කාර්යාලයේ අඩවි සහකාර එච්.එන්.බී.ඊ හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ වවිමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එහි පැමිණි අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය ඩබ්ලිව්. එල්, යූ. මදුවන්ති මහත්මිය විසින් මරණ පරීක්ෂණය සිදු කලහ.
එම වෛද්‍ය වාර්තාවට අනුව වන අලියා මිය යෑමට හේතුව, වෙඩි වැදීමකින් මොළයට සිදුවූ බරපතල හානි හේතුවෙන් බවට වෛද්‍ය වාර්තා ලබා දී තිබේ.
පසුව සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කල බවද පොලිසිය සදහන් කලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ලංකාවේ අලි 50% ඉවත් කරන්න ඕනේ...
අනේ අපොයි. වැරැදි අලියාටනේ වෙඩි තියලා තියෙන්නේ...!
ඒ කියන්නේ අලියා පන්නාගෙන එනකොට තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න වෙඩි තැබීමට නොහැකිද...? අලියාට වෙඩි තැබීමට තහනම් නිසා තුවක්කුව පැත්තෙන් තියලා මරලා යනකම් බලන් ඉන්න ඕනෑද...? බලමු වැරදි කවුද කියලා...
අලියගෙ අතින් මිනිහා මැරුණා නම් ඔය කවුරුත් සද්ද නෑ. උසාවියත් ඒ පැත්තේ වගෙයි. ගොවිතැනක් කරලා ජීවිතය ගැටගහ ගන්න දඟලන ඈත එපිට ගම්මානවල ඉන්න අසරණ මිනිස්සු ගැන බලන්න කවුරුත් නැද්ද?
අලි රොත්තෙම පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන, සිදුවන කාලය වැඩි ඈතක නොවේ.
මේ ගොවි මහතා අලියාට වෙඩි නොතැබුවා නම් ඔහු අද ජීවතුන් අතර නැති අතර, ඔහුගේ දරු පවුල අනාථ වනු ඇත. මෙවැනි අවස්ථාවක දුප්පත් ගොවීන් අත්අඩංගුවට ගන්නා යල් පැන ගිය නීති වෙනස් විය යුතුයි...!
අලියාට කියන්න තිබ්බා අනේ ඔයා හැරිලා යන්න. අපි ඇයි රණ්ඩු වෙන්නේ කියලාද? නැතිනම් මේ මනුස්සයා මළා නම් කමක් නැද්ද? එහෙම නැතිනම් බේරෙන්න වෙන ක්‍රමයක් තිබුණද?
මේ ප්‍රශ්නයේදී මිනිස්සු අලින්ගේ ප්‍රදේශවල පදිංචි වෙලාද නැත්නම් අලි මිනිස්සු සිටින ප්‍රදේශයට ඇවිද්ද කියලා සොයා බලා කටයුතු කිරීම තමයි වඩාත් සුදුසු...!
වන අලි ගම් වැදීම වළක්වන්න අකාර්යක්ෂම අලිවැට වෙනුවට වෙනත් සාර්ථක විකල්ප ඇතත් ඒවායේ කොමිස් නැත. මෙවැනි අසරණ මිනිසුන්ට කාගේ පිහිටක්ද…?