(යොහාන් භාසුර)

දුම්රිය රියදුරු සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනය පැවතුණ ද අද (12) පස්වරුවේ දුම්රිය ගමන් වාර 34ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 12ක්,  පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන්වාර 6 ක් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 4 ක් ලෙස මෙම ගමන් වාර සැළසුම් කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව කීය.