(රංජන් කස්තුරි)

පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ගැඹුරු ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි ද එය නතර කිරීමේ වැඩපිළිවෙළක් ඉතා කඩිනමින් ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සිසුල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පාසල් තුළට අයිස් මත්ද්‍රව්‍ය පවා රැගෙන එන බවට තොරතුරු වාර්තාවන බව ද කොළඹ නගරයේ පාසල්වලින් එය වැළැක්වීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන  බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

පාසල් සිසුන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් ඊට සමගාමීව ක්‍රියාත්මක කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.

ජාත්‍යාන්තර ගුරු දිනය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කර තිබූ ‘ගුරු ප්‍රතිභා ප්‍රභා‘‘ උත්සවය සහභාගී වෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා එම අදහස් පළ කළේය.