(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාසල්හි සිසුන්ක්ක ඉලක්ක කර කරගෙන මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරත සැකකාරියක් හික්කඩුව  ප්‍රධාන පාසලක  භූමියක රැඳී සිටියදි ඊයේ (4) මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකාරිය වයස අවුරුදු 29 කාන්තාවන්  බවත්  ඇය  සතුව හෙරොයින් ග්‍රෑම් 8යි, ග්‍රෑම්  229ක් තිබූ බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

විශේෂ කාර්ය  බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත

කාන්තාවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හික්කඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම කාන්තාව කාලාන්තරයක් තිස්සේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.