
(සුමිත් පොතුපිටිය )
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කරයි.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ අලුත්ගම කොළඹ ධාවනය වූ අලුත්ගම ඩිපෝවට අයත් බස් රථයේ සේවය කල රියදුරු සහ කොන්දොස්තර වරයාගේ බව එම කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය .
අලුත්ගම, මතුගම සහ කළුතර ඩිපෝවට අයත් බස් රථ කළුතර සහ වාද්දුව අතර රැදී සිටින පාසල් ළමුන් කාලයක පටන්ම නංවාගැනීම ප්‍රතික්ෂේප කරන බවට වත්මන් සභාපති රමාල් සිරිවර්ධන මහතාට ලද තොරතුරක් මත එම ඩිපෝවල අධිකාරි වරුන් පාසල් ළමුන් රැදී සිටින බස් නැවතුම්පොළවල් වල රදවා බස් රථ නවත්වන ලෙස සභාපති වරයාගේ උපදෙස් පරිදි ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරු කටයුතු කර තිබේ.
එහෙත් එදින පමණක් එම බසය නවත්වා පසුව නැවත නොනවත්වා ධාවනය කිරීමට එම රියදුරන් කටයුතු කර ඇති බවට වාර්තාවූ බව කළුතර ලංගම උසස් නිළධාරියෙක් පැවසීය .
ඒ අනුව අද නැවත ඩිපෝ අධිකාරි වරුන් මෙන්ම ජංගම පරීක්ෂක වරුන්ද යොදවා පරීක්ෂා කිරීමේදී රියදුරු සහ කොන්දොස්තර වරයා එම නිළධාරීන් සමගද බහින්බස් වීමක් සිදුකරගෙන තිබූ බවද සදහන් වේ.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
Lasantha Wednesday, 06 November 2024 03:10 PM
රියදුරු හා කොන්දොස්තර නිවැරැදියි. මොකද පාසල් දරුවන්ට සිසුසැරිය තියෙනවා කියලා අමතකද? සාමාන්‍යයෙන් ජනතාව ගමන් කරන බස්වලට පාසල් දරුවෝ ගත්තාම සාමාන්‍ය ජනතාව මෙන්ම දරුවන්ද පීඩාවට පත්වෙනවා. ඒක නොදන්නා බබාලා තමයි ඔහොම තීරණ ගන්නේ පාසල් ළමුන්ට සිසුසැරිය ක්‍රියාත්මක කරන්න සියලු දෝෂ නිවාරණයි...!
Lakmal Thilakarathne Wednesday, 06 November 2024 04:28 PM
ඉස්කෝලේ ගිහින් නෑ නේද ?
Lakmal - katunayaka Wednesday, 06 November 2024 03:17 PM
අපි පොඩි කාලේ ඉඳලා අද වෙනකන්ම දකින දෙයක් තමයි. පාසල් ළමුන්, ටෙක් ළමුන් එහෙම පෙන්නන්න බෑ... කොන්දොස්තරලාට. බස් එකට නැග්ග ගත්තත් පහත් ලෙස බැන බැන එක්ක යන්නේ. පුදුම වෛරයක් පිරිමහන්නේ... ඇත්තටම හරි ක්‍රමවේදයක් හදලා මේවා නැති කරන්න ඕනේ..
Lakmal Wednesday, 06 November 2024 07:27 PM
මේ විදිහට කරන අනික් ඩිපෝව තමයි යටිනුවර ඩිපෝව. 1995 ඉඳන් මටත් වුණු දෙයක් ඕක. ඩිපෝවල වැඩ කරන අය හිතන් ඉන්නේ බස් තියෙන්නේ ඔවුන්ගේ අම්මලාගේ හොර මිනිහලාට යන්න කියලා...
WickramarachchiThursday, 07 November 2024 06:02 AM
මම පාසල් ගියේ හැත්තෑව දශකයේ මුල් කාලයේ තමයි ඉතින් අපි තිබුණු එකම බසය අකුරැස්ස ඩිපෝවට අයත් ගින්නලිය දක්වා ධාවනය කළ බසය තමයි... ඒ කාලයේ අපිට සත ගණනක් වූ බස් ගාස්තුව පවා සොයන්න අමාරුයි.. ඒ කාලයේ හිටපු කොන්දොස්තරලා ඉතිරි මුදල් නොදෙන්න තමයි හැම වෙලාවේම උත්සාහ කළේ. බස් ගාස්තු නැති දිනවල අපි තේ දළු එකතු කරන්න යන ලොරිවල නැත්නම් ට්‍රැක්ටර වලින් හවස් කාලයේ ගමනාගමන පහසුකම් ලැබුවා. උදේට සැතපුම් හතරක් පමණ දුර පයින්ම පාසලට ගියා ඒ කාලයේ තිබුණු ජරාම ඩිපෝවක් තමයි අකුරැස්ස ඩිපෝව කියන්නේ...