(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රම වෙළඳපොලට ගැළපෙන පරිදි උසස් අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කිරීම සිදුකළ යුතු බව අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධාරණය කෙරිණ
එහිදී මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ. උසස් පෙළ විභාගයෙන් පසු අධ්‍යාපනය හැර යන සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම සදහා නිසි ක්‍රමවේදයන් සකස් කළ යුතු බව කමිටුවේ සභාපති (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.
උසස් අධ්‍යාපනය සඳහා මෙරට සිසුන් විදේශගත වීමෙන් මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වන බවත්, එය වළක්වා ගැනීමට ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බවත් මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මෙහිදී පෙන්වා දුන්හ. එසේම මෙමගින් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමට හැකි බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අවස්ථාව පවතින බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
මෙරට හෙද වෘත්තිකයන් සදහා විදෙස් රටවල විශාල ඉල්ලුමක් පවතින බවත් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මෙරට හෙද හෙදියන් වැඩි වශයෙන් විදෙස් රටවලට යැවීමට ඇති හැකියාව පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. හෙද හෙදියන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිසි අධ්‍යාපනය සහ පුහුණුව ලබාදීමේ මූලික ව්‍යුහය ස්ථාපිත කළ යුතු බව ද මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළහ. මේ සදහා හෙද වෘත්තිකයන්ට පුහුණුවේදීම ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීමේ අවශ්‍යතාවයද ඔවුහු පෙන්වා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස ලබා අවුරුදු 75 ගෙවෙනතුරු කිසිවෙකුට පාසල් හැරයන පිරිස් ගැන කිසිම හැගීමක් තිබුනෙ නැහැ ඒක රටේ ප්‍රශ්න රාශියක් ඇතිවීමට හේතු වුනා මෙනිසා මින් ඉදිරියටවත් දෙවැනි වර පෙනීසිටීමෙන් පසුව අසමත් දරුවන්ට හැදෑරීමට හැකි පාඨමාලා ගැන අනිවාර්ය පුහුණුවක් පාසලේදීම දීමට කටයුතු කරන්න ඕන ඒ සමග මේක විභාගය අවසන් වෙලා බැරිනම් පළමු වතාවේ ලිව්වට පස්සෙ කිරීම සුදුසුයී බොහෝවිට දරුවො දෙමාපියෝ රැල්ලට යනවා මිස තේරුමක් ඇතුව පාඨමාලා තෝරා ගත්තෙ නැහැ තියෙන ආයතන වල නිළධාරින් ඔවුන් ළගට එන අයට උපදෙස් දෙනවා මිස වෙනත් කිසිවක් කරන්නෙ නැහැ ළමුන් බොහෝවිට නොමග යාමට උපකාරක පංති වලදී කරන දැනුවත් කිරීම් හේතුවක් වෙනවා මෙම දැනුවත් කිරීම් රජය මගින් උපකාරක පංති ආරම්භ කරන මුල් සතියේ කලොත් සාර්ථක වේවි
හෙදියන් සඳහා උසස් පාඨමාලා හැදෑරීමට කෙසේවත් අහවල් සංගමේ අප්පච්චිලා නම් කිසිම විටෙක ඉඩක් දෙන්නේ නැහැ... ඒවාට මොකද කරන්නේ?
start private vocational universities also jointly with international Institutes
විදේශ පිලිගැනීම ඇති වෘත්තීය පුහුනු ආයතන විදේශ විශ්ව විද්යාල සමග හවුල් කාරිත්වයෙන් ඇති කරන්න.එමගින් වෘත්තීය අධ්‍යාපනයට ද විදේශ සිසුන් ආකර්ශනය කරගත හැක