(කාංචන කුමාර ආරියදාස)
පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම් සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ලග්ගල පොලිසිය කියයි.
ජාතික ළමා රක්ෂණ අධිකාරියට ලද තොරතුරක් මත පොලිසියට ලබා දුන් විස්තර අනුව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී .බී .ඒ .රණවීර මහතා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක ගයානි බණ්ඩාර ඇතුළු පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කොට තිබේ.
දැරිය මේ වන විට දඹුල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා ලග්ගල ගලේ්යාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සිට 39 දක්වා වයස් වල අයවලුන් බවත් එයින් වැඩි දෙනා විවාහකයන් බව පොලීසිය කියයි.
දැරිය ගෙන් ලබා ගත් ප්‍රකාශ අනුව තවත් පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව තොරතුරු හෙළිවී පොලිස් කණ්ඩායමක් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පිටත් කර යැව්වද ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
ලග්ගල ප්‍රදේශ ඉතා දිළිඳු පවුලක ජීවත් වන මෙම බාල වයස්කාර දැරිවියකට මිත්තණියගේ බාරකාරත්වයේ හැදී වැඩී තිබෙන බව පොලිසියට වාර්තා වී ඇතැයි පොලිසිය කියයි.
මෙම දැරියගේ දුප්පත්කම සහ සමාජ දැනුවත්වීම නොමැතිකම නිසාම කිසිදු අයගේ නිසි අවධානයක් යොමු වී නැති බවද ප්‍රදේශවාසීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී .බී. ඒ. රණවීර මහතා ළමා හා කාන්තා කාර් කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා ගයානි බණ්ඩාර යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාහරයන් වෙනුවෙන් කිසිම නිතීඥවරයක් ඉදිරිපත් නොවන්න කියලා ඉල්ලා සිටිමු. එසේම මොවුන්ට ඇප දෙන්න එපා ... හිරේ සැප අවුරුදු 10කටම දෙන්න.. එසේම නිතීඥවරු හිතන්න ඕන ඔය දෙය තම පවුලේ දරුවෙකුට උනා නම් ඇතිවන සිතේ වේගය.!
නරුමයන්ට නිසි දඬුවම් ලැබේවා.
මේ දැරියට පාසල් වැඩ වලට ලබා දුන් ජංගම දුරකතනයක් මේ සියල්ලට මුල් වෙලා තියනවා. මර්ගගත අධ්‍යාපනය නිසා රට පුරාම නොයෙකුත් අකටයුතුකම් වෙලා තියනවා. මේ එකක් විතරයි. වැඩිහිටියන්ටත් දරුවන් ගැන වගකීමක් තියනවා. කැලේට කොලේට දරුවා හදන්න එපා. දරුවෙක්ගේ ජීවිතය ගොඩ නගන්න ගෙදර මිනිස්සු වගේම අසල්වෙසියන්ටත් වගකීමක් තියනවා. නීතිවරුනේ මේ වැරදිකරුවන්ට ඇප දෙන්න ඉඩ දෙන්න එපා. ඔවුන් නැවතත් තවත දරුවෙකුට මේ දේ කරාවි. ඒ පාපයෙන් ඔබට ගැලවෙන්න බැරි වේවි.
මුන්ට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕන ආයෙත් කලින් වෙන්නේ නැති වෙන්න, කාලකන්නි