IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාසල් සිසුවා උපන් දිනය දා මරුවා සමග යයි

(සුමිත් පොතුපිටිය) අද දි උපන්දිනය සමරන පාසල් සිසුවකු මුහුදේ ගිලී අතුරුදන් ඇතැයි පයාගල පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන්ව ඇත්තේ කලමුල්ල , කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි රන්මුතු ඩෙරන් සිල්වා නමැති 17 හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය පවසයි. මිතුරන් දෙදෙනකු සමග පයාගල සාන්ත අන්තෝනි පාරේ කෙලවර මුහුදු වෙරළේ ගල් වැටිය අසල දිය නාමින් සිට ඇති අතර, එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි සදහන් වේ. අසල සිටි පුද්ගලයකු මුහුදට පැන රළ පහරට හසුව ගසා ගෙන යමින් සිටී අනෙක් සිසුන් දෙදෙනා බේරාගෙන තිබේ. අතුරුදන්ව ඇති සිසුවා ගේ නිවසේ අද පස්වරුවේ උපන්දින සාදයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, එය සැමරීම සඳහා පැමිණ ඇති මිතුරන් දෙදෙනකු සමග දිය නෑමට ගොස් සිටියදී අනතුරට ලක්ව ඇති බවත් පැවසේ.



අදහස් (1)

පාසල් සිසුවා උපන් දිනය දා මරුවා සමග යයි

sanjeewa Sunday, 25 September 2022 04:02 AM

දෙමාපියන්ට කොපමණ දුකක් දැනෙනවා ඇතිද? මුහුද රළු වෙලාවට මුහුදට බහින්නේ මොළේ අමාරුවටද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 349 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site