(ඩයනා උදයංගනී)
මෙරට පාසල් සිසුන්ට 2023 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදිවලින් කොටසක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට චීන රජය එකඟ වී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත චීන සමූහාණ්ඩුව මෙම ප්‍රදානය ලබාදෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඉතිරි රෙදි අවශ්‍යතාවය දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාසල් සිසුන්ට චීනයෙන් රෙදි
saththyaa Tuesday, 23 August 2022 01:34 PM
අපි චීනයට වෛර කරන රටක් හැටියට නිරුවතින් පාසල් ගියානම් නේද ලස්සන ?
randil Tuesday, 23 August 2022 01:38 PM
චයිනීස් පාසල් ලගදිම එයි.
Surain Tuesday, 23 August 2022 02:16 PM
දේසපාලුවෝ කියපු හා කියන බොරු එකතු කරලා බලු වටින මොවුන් යම රජ්ජුවරුන්ටත් බොරු කියා අපායෙත් වෙනම පාලනයක් ඇති කරාවි.