IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාසල් සිසුන්ට චීනයෙන් නොමිලේ නිල ඇඳුම්

(කේ. බුද්ධික කුමාරසිරි)

ලබන වර්ෂය සදහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇදුම් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ නිසාවෙන් රජයට රුපියල් බිලියන හයක මුදලක් ඉතිරි කර දීමට හැකි වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා සිදු කර අවශ්‍ය රෙදි පිළිබදව දැනුම් දී ඇති බැවින් අවශ්‍ය රෙදි ප්‍රමාණය දැනුම් දීමෙන් පසු අදාල රෙදි තොගය මෙරටට ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇත.

එමෙන්ම ප්‍රාථමික පන්ති සදහා ලබා දෙන දිවා ආහාර වැඩසටහන ලබන වසරේ සිට තවත් ව්‍යාප්ත කරමින් තවත් පන්ති කිහිපයක් සදහා ලබා දීමට සැලසුම් සකස් කර ඇත.



අදහස් (6)

පාසල් සිසුන්ට චීනයෙන් නොමිලේ නිල ඇඳුම්

පිටිගල මිලානෝ Tuesday, 23 July 2024 12:13 PM

මුං ඔක්කෝම එකතුවෙලා අපිව ලෝකේ හිඟා කන රටක් බවට පත් කලා. ළමයින්ගේ ඇදුම් ටිකත් හිඟා කාලා ඇන්දට මොකද ,යන්නේ වී8 යන්තරේ. මෙහෙම යනකොට යට ඇඳුම් හිගා කන්නත් පිටරට යන්න වෙයි… මෙවර චන්දෙන් මුංව එළවලාම දාන්න.

:       36       12

sunanda Tuesday, 23 July 2024 12:14 PM

තමන්ගේ දරුවාගේ රෙදි අල්ලපු ගෙදර මිනිහ හරි එහා ගමේ මිනිහ හරි දෙන එක ගැන ආඩම්බරද ?

:       26       10

අරවින්ද මොනරවිල Tuesday, 23 July 2024 12:17 PM

හරියට ක්‍රිකට් ලෝක කුසලානය දින්නා වගේ බොහොම ආඩම්බරයෙන් කියවනවා, ලැජ්ජා වෙන්න ඕනා තමුසෙලා අවුරුදු හැත්තෑ හයක් රටට කොරලා අන්තීමට රට ගෙනාව තැන. දරුවන්ගේ නිළ ඇදුමත් හිගාකාල අරන් දෙන්න වෙලා.

:       20       11

රංබොඩ Tuesday, 23 July 2024 12:33 PM

මේවා සතුටු වෙන්න කාරනා නෙවෙයි. ජාතියේම ඇඳුම් ගැළැවෙන කාරණා.

:       17       11

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 23 July 2024 12:41 PM

දැන් එතකොට හාල් කිලෝ 10යි , සුදු රෙදි යාරයයි අරගෙන අපි ආයෙත් උඹලට ඡන්දේ දෙන්න ඕනේද ? රෙදි ගෙනාවේ චීනෙන් නේද? එහෙනම් ඔය කතා කියපන් කොන්ඩේ බැඳපු චීනුන්ට .

:       14       6

m. saman perera Tuesday, 23 July 2024 04:56 PM

ලෝකයෙන්ම හිඟාකන එකම රට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site