(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ‘පුත්තලම අල් සුහරියා මද්‍රසා පාසලේ’ සිසුන්ට යුද මානසිකත්වය හුරුකරන අයුරින් දේශන පැවැත්වුයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම පාසලේ දේශකයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ‘පුත්තලම අල් සුහරියා මද්‍රසා පාසලේ’ දේශකයින් වන අනාස් අන්වර්, මොහොමඩ් ජුසෙයිල් අබ්දුල් හමීඩ් ජාබර් සහ එම ස්ථානයේ රැදී සිටි මොහොමඩ් අසිපත් අබුබකර් සිද්ධික් සහ රාවුත්තර් නෙයිනා අසනාත් මරක්කාර් යන අයවළුන් ය.
රටේ ජනතාවට අධිකරණය පිළිබදව කිසිදු සැකයක් ඇති නොවන අයුරින් විමර්ශන සිදු කළ යුතුව ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් ලබා නොගෙන හිස් කොළ අධිකරණයට ඉදිරිපත් කර නියෝග ඉල්ලා නොසිටින ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් සිව් දෙනා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්ථාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් සිසුන්ට අමුතු පාඩමක් ඉගැන්වූ හතර දෙනෙක් රිමාන්ඩ්
Bunny Preena Friday, 19 May 2023 01:18 PM
මෙච්චර කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිදාගෙන ඉඳලද තියෙන්නේ...?