IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාසල් සිසුන්ගේ පහර කා මියගිය පියාගේ සිරුර හොරෙන් උස්සලා

(බන්දු තඹවිට සහ ලක්මි කුඩලිගම)

වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනකුගේ පහර කෑමට ලක්ව  මියගිය එක් දරු පියාගේ මෘතදේහය තැන්පත් කර තිබු  සොහොන හාරා තම ස්වාමිපුරුෂයාගේ හිස ඇතුළු කොටස් රැගෙන ගොස් ඇති බව  මියගිය අයගේ බිරිඳ  වැලිපැන්න පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

2023 වසරේ පෙබරවාරි මස 14 වන දින ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනෙක් සමග ඇතිවූ ආරවුලකදී හෙල්මට් ප්‍රහාරයකට ලක්ව සිදුව දොන් රංග විරාජ් ජයසිංහ නමැති 35 හැවිරිදි එක්දරු පියකු මියගිය අතර ඔහුගේ දේහය අධිකරණ නියෝගයකට අනුව වැලිපැන්න පොලිස් වසමේ ගල්මත්ත ,කුරුදිප්පිට සුසාන භුමියේ කොන්ක්‍රීට් දමන ලද වලක භූමදානය කළේය.

එචික පටන් ඔහුගේ බිරිඳ සහ ඥාතීන් ඔහු වෙනුවෙන් ගුණානුස්මරණ පිංකම් පැවැත්වෙන දින වලදී සහ වෙනත් විශේෂ දිනවලදී එම සොහොන පවිත්‍ර කර පහන් දැල්වීම සිදුකර ඇති අතර මෙවර වෙසක් පොහොය වෙනුවෙන් ඔහුගේ සොහොන පවිත්‍ර කිරීමට පවුලේ ඥාති සොහොයුරන් දෙදෙනකු පැමිණි විට එම මිනී වල හරා තිබෙන බව දැක මියගිය අයගේ බිරිඳට දැනුම් දී ඇත.

අනතුරුව මියගිය අයගේ බිරිඳ වන පී.දිල්හාරි ප්‍රසාංගිකා යන අය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 



අදහස් (7)

පාසල් සිසුන්ගේ පහර කා මියගිය පියාගේ සිරුර හොරෙන් උස්සලා

චාමර Tuesday, 28 May 2024 08:38 PM

මාතෘකාව දැක්ක ගමන් අපි අහළ පහළ කීදෙනෙක් ඔය වගේ ඇතිද කියලා හිතෙනවා. කාලෙට අනුව හැඩ ගැහෙන්න වෙනවා. ඉල්ලන් කන දේවල් කරන්න හොඳ නෑ. ගුණවත් මිනිස්සු හොයන්න අමාරුයි දැන් කාලේ. විශේෂයෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගෙන් පරිස්සම් වෙන්න වෙනවා.

:       36       22

Nihal Wednesday, 29 May 2024 01:02 AM

මරණකරුට එක සහෝදරයෙක් හිටියනම් ඇති!

:       0       13

saman Wednesday, 29 May 2024 03:22 AM

නඩුවට අවශ්‍ය සාක්කි වසන් කිරීමට ගත් උත්සාහයක් වගේ.

:       0       17

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 06:49 AM

ඕක කට්ටඩියෙකුගෙ වැඩක් වෙන්න බැරිද?

:       3       5

දීපාල් Wednesday, 29 May 2024 07:24 AM

හිසාතුලු කොටස් අරගෙන ගිය කීවට ඔය තියෙන්නේ හිස පේන්න. එම්බාම් කරලා තියෙනවා අවුරුදු ගානක්‌ පවතින්න. මළ මිනියකට සාමාන්‍යයෙන් අන්දන්නෙ සුදු නේද.

:       19       4

lakmalWednesday, 29 May 2024 02:50 PM

හරක් ඉන්න රටක ජීවත් වෙන අපි...!

:       2       2

හේරත් Wednesday, 29 May 2024 11:47 PM

මං හිතන්නේ ඕවා අරගෙන ගිහින් ගුරුකම් කරනවා කට්ටආඬියෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site